IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කතක් අධිකරණයේ සිරකුටියට දුම්කොළ පාර්සලයක් විසි කරලා

(ගයාන් සූරියආරච්චි)

කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අසුන්ගෙන සිට පිරිසක් අතරින් සැකකරුවන් රදවා තිබූ සිර කූඩුව දෙසට දුම්කොළ පාර්සලයක් විසි කළ කාන්තාවක අද (9) අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 60ක කාන්තාවකි.

සැකකාර කාන්තාව කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියේ අසුන්ගෙන සිට එකවරම සැකකරුවන් රදවා තිබූ සිර කූඩුව දෙසට කිසියම් පාර්සලයක් විසි කර අසුනෙන් නැගිට අධිකරණ භූමියෙන් එළියට යාමට උත්සාහ කිරීමේදී පොලිස් නිලධාරීන් සහ බන්ධනාගාර නිලධාරීන් පැමිණ සැකකාර කාන්තාවට අධිකරණ භූමියෙන් ඉවතට යාමට ඉඩ නොදී රදවාගෙන සිටි බව පොලිසිය කියයි.

පසුව සැකකාර කාන්තාව විසි කළ පාර්සලය පිළිබදව සොයා බැලීමේදී එම පාර්සලයේ දුම්කොළ 22ක් තිබී ඇති බව අනාවරණයවීමෙන් අනතුරුව ඒ පිළිබදව පොලිසිය විසින් මහේස්ත්‍රාත්වරිය දැනුවත් කර සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් කාන්තාව අද (10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මැද කොළඹ දිස්ත්‍රික් II සහකාර පොලිස් අධිකාරී දිල්රුක් මහතා ගේ උපදෙස් පරිදි කොම්පඤ්ඤවීදිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  කපිල විජයමාන්න මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.



අදහස් (0)

කතක් අධිකරණයේ සිරකුටියට දුම්කොළ පාර්සලයක් විසි කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 612 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site