IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි

(නිමල් ජයරත්න)

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙකක් පමණ ජලයේ සැඩ පහරට ගසාගෙන ගොස් දියේ ගිලීමෙන් අනතුරුව මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ වැලිකන්ද ජයවික්‍රමගම මහවැලි සිංහපුර ඉසුරු ජයනාත් බණ්ඩාර යන දරුවකු බව පරීක්ෂණ සිදු කරන වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.

මව අවුරුදු උත්සවයක් නැරඹීම සඳහා, මෙම දරුවා වැඩිමහල් දියණියට භාරදී ගිය අවස්ථාවේදී දරුවා නිවස පිටුපස තිබෙන කෙත්තලට වැටීම් කිලෝමීටර් දෙකක් පමණ දුරටත් ගසාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ පෞද්ගලික වී මෝලක සේවයකයකු දරුවෙකු ගසාගෙන යන අයුරු දැක පිරිසක් එක්ව එම දරුවා ගොඩ ගෙන හදිසි ගිලන් රථ සේවය මගින් වැලිකන්ද රෝහලට ඇතුළත් කොට තිබේ.

එම දරුවා වැලිකන්ද රෝහලට ඇතුළත් කරන විට මියගොස් සිට ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා දරුවාගේ සිරුර පොළොන්නරුව අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බව වැලිකන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සමන්ත රත්නායක මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

දරුවා අනතුරට පත්වන මොහොතේ ඔහුගේ පියා ගෙවත්ත පිටුපස ගව ගාලට ගොස් ඇති අතර වැඩිමල් සොයුරිය මුළුතැන් ගෙයි වැඩකරමින් සිට ඇති බව ඒ පිළිබඳ මරණ පරීක්ෂණය සිදුකෙරු වැලිකන්ද හදිසි මරණ පරීක්ෂක වයි.එම්.එස්. බණ්ඩාර මහතා සඳහන් කළේය.

 

 



අදහස් (5)

කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි

Perera Saturday, 27 April 2024 05:05 AM

අවුරුදු උත්සවය ලොකු වුණ තමන්ගේ අවුරුදු 2 ළමයාට වඩා... ඔහොම ප්‍රමුඛත්වයක් ගැන මෙලෝ දෙයක් දන්නේ නැති මෝඩ මිනිස්සු තමයි රටේ අනාගතය තීරණය කරන නායකයින්ව බලයට පත්කරන්න ඡන්දෙ දෙන්නේ...

:       1       12

Nihal Sunday, 28 April 2024 09:58 AM

ඔහොම අයට දරු සෙනෙහස නෑ...!

:       0       1

විවේකා Saturday, 27 April 2024 06:38 AM

ලංකාවෙ මිනිස්සු අහේනියෙන් ඉන්නවා කිව්වට එහෙම එකක් පේන්නෙ නැහැ නැත්නම් එදාවේල සරිකර ගන්නවා මිස අවුරුදු උත්සව බලන්න යන්නෙ කොහොමද .අපිට කියන්න තියෙන්නෙ ගුත්තිලයේ තියෙන නොදනිත් දරුවන් ඇකයෙන් වැටුනා කියලා පමණයි සෙල්ලම ලෙල්ලම වෙනවා මයි ඒකෙන් ඇස් රතු වෙනවා මයි.කියලා නේද

:       2       5

Lalla Saturday, 27 April 2024 09:15 AM

තේරෙන විදියට මේ පවුලට දරුවන් වැඩියි....නොසලකා හරින්න හේතුව එය නේද?පවුල් සංවිධාන සංගමය නැවත පනගන්වන්න.... කොහොමත් රටේ ජනගහනය අධිකයි.... රට මේතරම් දුප්පත් වීමට ඒකත් එක හේතුවක්.

:       14       2

රූපිකා නිල්මිණි Saturday, 27 April 2024 01:52 PM

ඉතින් ලල්ලා ඔබට මොනවත් කරන්න බැරිවුණා කියලා අනිත් අයට එහෙම වෙන්නේ ඊර්ෂ්‍යා කරන්න එපා...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site