
(යොහාන් භාසුර)
සංචාරක ඕස්ට්‍රේලියානු පිලට එරෙහිව මේ මස 29 වැනිදා ආරම්භ වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කෝඬුකාර තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන සොනාල් දිනූෂ ඇතුළත් කර තිබේ.
වමත් පිතිරුවෙක් මෙන්ම වමතින් දඟ පන්දු යවන්නෙක් වන 24 හැවිරිදි සොනාල් දිනූෂ පළමු පෙළ තරග 44 කට ක්‍රීඩා කර තිබේ.
ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුළත් ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්‍රලියාව අතර මෙම ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ගාල්ලේදී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මේ මස 29 වැනිදා ආරම්භ වීමට නියමිතය.
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය:
ධනංජය ද සිල්වා (නායක), දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, ඕෂධ ප්‍රනාන්දු, ළහිරු උදාර, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, සොනිල් දිනූෂ, ප්‍රභාත් ජයසූරිය, ජෙෆ්රි වැන්ඩසේ, නිෂාාන් පීරිස්, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර සහ මිලාන් රත්නායක

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පළපුරුදු පළමු පෙළ ක්‍රීඩකයින් ගොඩක් ඉද්දී මෙයා කොහොමද එක පාරටම උඩින් ටීම් එකට ඇවිල්ලා තියෙන්නේ?
ඔහුගේ තරග තොරතුරු බලලා අදහස් පළ කළේ නම් වටිනවා. අවශ්‍ය අය cricinfo වෙබ් අඩවිය පිරික්සන්න.