
(රෝෂන් තුෂාර)
සිය වැටුපෙන් උපයාගත නොහැකි දේපොළක් සන්තකයේ තබා ගත්තේ යැයි කියන කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම පවසයි.
2009 වසර සිට 2016 වසර දක්වා ප්‍රාදේශීය සභාපතිව කටයුතු කළ සැකකරු අල්ලස් පනතේ 23 වගන්තිය ප්‍රකාරව වරදක් සිදුකර තිබීම සම්බන්ධයෙන් ලැබුණු ලිඛිත පැමිණිල්ලක් අනුව විමර්ශනය කිරීමෙන් පසුව අත්අඩංගුවට ගෙන ඇති අතර අද දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුණ්ඩසාලේ නම් හන්න දෙයක් නැහැ . බෙහෙත් වෙනුවට වතුර විකුනපු හොරාගේ ආසනය. මේගොල්ලොත් නායකයා අනුගමන්යා කරන්න ඇති.