
( කීර්ති ප්‍රනාන්දු )
සාදයකට සහභාගි වීම සඳහා සිය හිස කෙස් සකසා ගැනීම සඳහා මිනුවන්ගොඩ නගරයේ රූපලාවණ්‍යාගාරයකට ගිය කාන්තාවක්හට එහිදී හිසේ ගැල්වූ ද්‍රව්‍යයන් ආසාත්මික වීම හේතුවෙන් හිස කෙස් ගැලවී යාමේ බරපතල තත්ත්වයක් හේතුවෙන් එම කාන්තාව ගම්පහ මහ රෝහලට ඇතුළත් කළ බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි .
පොලිසිය සඳහන් කරන පරිදි මිනුවන්ගොඩ බොරගොඩ වත්ත ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි මෙම විවාහක කාන්තාව ඉකුත් ( 30 ) දා සාදයකට සහභාගී වීම සඳහා හිස කෙස් සකසා ගැනීමට මිනුවන්ගොඩ බස් නැවතුම්පළ ඉදිරිපිට සණස වෙළඳ සංකීර්ණය තුළ පිහිටි රූපලාවන්‍යාගාරයක් වෙත ගොස් ඇත .
එහිදී රූපලාවණ්‍යාගාරයේ කටයුතු කරන ප්‍රධාන කාන්තාව විසින් කොණ්ඩය සැකසීම සඳහා රුපියල් පහළොස්දහසක කුලිය ලෙස ලබාගෙන ඇත .
අනතුරුව කොණ්ඩය සැකසීමට පැමිණි කාන්තාව කොණ්ඩය සැකසීම සඳහා හිස ගල්වන ද්‍රව්‍යයන් කීපයක් ගැල්වීම සිදුකර ඇත . මෙසේ හිස ගල්වන ආලේපන යොදා ටික වෙලාවක් යන විට කාන්තාවගේ හිසේ ඇති වූ දැවිල්ල සමග දැඩි අපහසුතාවයක් දැනීමට පටන් ගැනීම නිසා ඇය ඒ බව හිස කෙස් සකසමින් සිටි ගැහැණු ළමයින් දෙදෙනාට පවසා ඇත .
පසුව එම ගැහැණු ළමයින් දෙදෙනා මෙම කාන්තාවගේ හිස සෝදා පිස දැමීම සිදුකළද ඇතිවූ අධික දැවිල්ල හේතුවෙන් මෙම කාන්තාව තම හිස අත ගෑමේදී හිස කෙස් සම්පූර්ණයෙන්ම ගැලවී අතට පැමිණ තිබේ . අනතුරුව ඇය රෝහල්ගත කර ඇත.
2025 දෙසැම්බර් මස 18
642
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොණ්ඩේ හදන්න ගිහින් විස වෙලා
sam Monday, 02 September 2024 10:20 AM
බලන්ඩ පියුම් හංසමාලිගේ බදුද දන්නේ නැ ඔලුවේ ගෑවේ