(ටී.කේ.ජී.කපිල )

සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මත්ද්‍රව්‍යය ජාවාරම්කරුවකු වූ දිසානායක මුදියන්සේලාගේ රංජිත් කුමාර නොහොත් " කොණ්ඩ රංජි " නැමැත්තා ඩුබායි හි රැදී සිටියදී අත් අඩංගුවට ගෙන  එරටින් පිටුවහල් කර අද අලුයම දිවයිනට රැගෙන ආවේ.  

ඔහු ජා - ඇළ , කදාන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු මේ වනවිට 37 වැනි පපසුවන්නෙකි .

ඔහු ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පහරදීමට යොදා ගත් මිසයිල සහ ඩ්‍රෝන යානා වල දර්ශන සිය ජංගම දුරකථනයෙහි රදවා තබා ගෙන සිටියදී , එරට ආරක්ෂක අංශ නිලධාරීන් විසින්  අත් අඩංගුවට ගෙන තිබේ .

පසුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර තබා තිබූ අතර , ඉන්පසුව ඔහු අද දින ඩුබායි සිට  පිටුවහල් කර දිවයිනට එවා තිබුණි .

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමෙන් පසු , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු , වැඩිදුර විමර්ශන කටයුතු සදහා පෑලියගොඩ , බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය වෙත , දැඩි ආරක්ෂක රැකවල් යටතේ රැගෙන ගියේය .