(අමදෝරැ අමරජීව)
බෙංගාල බොක්කේ ඇති වු ඇති සුළි කුණාටු තත්වයත් සමග මුහුදේ රළු විමෙන් ත්‍රිකුණාමල මුහුදු තිරයේ ස්ථාන කිහිපයක සිදුවු මුහුදු ඛාදනයෙන් නිවාස කිහිපයක් හා තාවකාලික ස්ථාන රැසකට හානි සිදුවි ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.
තිරැකඩලුර්,සමුද්‍රගම,මනයාවෙලි යන ප්‍රදේශවල මුහුදු ඛාදනයෙන් මෙලෙස නිවාස කිහිපයක් හා තාවකාලික නිවාස හා ධිවර වාඩි රැසකට හානි සිදුවි ඇතැයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ එස්.සුගුණදාස් මහතා පැවැසීය.
වෙරළට ගසාගෙන එන රල හේතුවෙන් වෙරළේ ගැට ගසා ඇති බෝට්ටු එකිනෙක ගැටි සුළු හානි සිදුවි ඇති බවත් සුළි කුණාටුව පහව යන තෙක් මුහුදු යැමෙන් වැළකි සිටින ලෙස ධිවර කාර්මිකයන්ට දැනුම් දුන් බවත් ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ අනිල් සේනාරත්න මහතා පැවැසීය.


COMMENTS