
(අංජුල මහික වීරරත්න)
පළාත් පාලන ආයතන වල ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු විධිමත් කරමින් චක්‍රීය ආර්ථිකයක් නිර්මාණය කරන වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2024-12-02 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති පරිදි "Clean Sri Lanka '' වැඩසටහනට අනුගතව, තිරසර නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය උදෙසා ප්‍රජා සහභාගීත්වය මෙන්ම ප්‍රජා දැනුම්වත් භාවයෙහි ඇති වැදගත්කම හඳුනා ගනිමින් අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියාකාරකම් වල නිරත වීම සඳහා සියලුම පුරවැසියන්ට හා පළාත් පාලන ආයතන වලට ඇති වගකීම් හා බැඳීම තහවුරු කිරීම අරමුණු කර ගනිමින්, ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සැලසුම් කර ඇත. ඒ අනුව, පළාත් පාලන බල ප්‍රදේශ පදනම් කර ගනිමින් යෝජිත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර්ගය සැකසීමේදී හරියාකාරව කාණු පද්ධතියක් ඉදිනොකළ අපේ නගරයේ පදිකයින්ට ගමන්කිරීමට ඉඩක් නැහැ සමහර අතුරු මාර්ගවල කහ ඉරි වලින් වෙන්වූ කොටසේ ටුක්ටුක් කාරයො උන්ගෙ ටුක්ටුක් නවතාගෙන ඉන්නවා පදිකයින්ට යන්න තැනක් නැහැ සමහරක් රබර්ලා උදේ පාන්දරින්ම ගෙනෙන පාපැදි නවතා අවහිර කරන තැනුත් තියෙනවා වෙළෙන්දො තමන්ගෙ වෙළදසැල් පිරිසිදු කිරීමෙන් පස්සෙ එකතුවෙන වැලි සියල්ලම කාණුවට උඩින් අතුරාතියෙන තහඩුවල සිදුරු වලින් කාණුවට දානවා ඒවා ගැනත් ජනතාවගේ අවධානයට යොමුකරනවා නම් හොදයි
රටේ නගර, ගම් අපිරිසිදු කරන්නේ දුෂ්ඨ, ම්ලේච්ඡ මිනිස්සුන් කන බොනවා, විසි කරනවා, රේල් පාර දෙපැත්ත අපායක්... නගරවල, කාණුවල ප්ලාස්ටික් අපද්‍රව්‍ය හිරවෙලා මදුරු කීට, පොල් කුඩු වගේ මිලියන ගණනින් පළමුව සිලි බෑග් තහනම් කළයුතුයි. අලුත් නීති සම්මත කර ක්‍රියාත්මක කළ යුතුයි. සිංගප්පූරුව හදාගත්තේ එහෙමයි... නැතුව සමහරුන් හදන්න බෑ. සිංගප්පූරුව බිම කඩදාසියක් දැම්මොත් දඩය නොගෙවොත් දවස් 3ක් නගර සභාවේ වැඩ තහනම් කළ යුතුයි. ගල්කිස්සේ මුහුදු වෙරළට ගිහිං අපි ආපසු ආවේ බල්ලෝ බලල්ලු කැත කරලා හරීම අපවිත්‍රයි... බටහිර රටවල අරන් නොදැම්මොත් යුරෝ 30 ක දඩයක්, නීති නිසයි රටවල් ලස්සනට තියන් ඉන්නේ...!
ඔක්කෝටම කලින් ක්‍රියාත්මක වෙන්න ඕනේ රජය, මිනිස්සුන්ට කසල දමන්න ප්‍රමාණවත් කසල බඳුන් තිබෙනවා නම් මිනිස්සු ඒවාට කුණු දමනවා. ක්‍රමවත් කසල බැහැර කිරීමේ ක්‍රියාවලියක් සංවිධානය නොකර කලින් ශ්‍රී ලංකා ගැන කතා කිරීම විහිළුවක්, එහෙම නොකර කසල නිසිලෙස බැහැර නොකරන පුද්ගලයින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න හදන එක හරියට අර ගෝඨාභය විදේශ විනිමය ඉතුරු කරගන්න පොහොර රටින් ගෙන්වන එක නැවැත්තුවා වගේ වැඩක්, රට පිරිසිදු වෙන්න ඕනේ 100% පිළිගන්නවා... නමුත් මිනිස්සුන්ට ඒවාට අවශ්‍ය යටිතල පහසුකම් පිළියෙළ නොකර ඒවා ගැන කතා කිරීම විහිළුවක්..