
(අංජුල මහික වීරරත්න)
කසළ ප්‍රවාහනය සඳහා භාවිත කරන Garbage Compactors මිල දී ගැනීමට ජපන් යෙන් මිලියන තුන්සියයක ප්‍රදානයක් ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාව පිරිසිදු, තිරසර සහ පාරිසරික වගකීම් සහිත මොඩලයක් බවට පරිවර්තනය කිරීම ක්ලීන් ශ්‍රි ලංකා වැඩසටහන යටතේ අපේක්ෂා කරනු ලබයි.
ඒ සඳහා අවශ්‍ය දියුණු කසළ කළමනාකරණ යටිතල පහසුකම් නොමැති වීම ඉහත දැක්ම ළඟාකර ගැනීම සඳහා ප්‍රධාන බාධාවක් ලෙස හඳුනා ගනු ලැබ ඇත.
ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත ජපාන රජය විසින් යෙන් මිලියන 300 ක ප්‍රදාන ආධාර ලබා දීම සඳහා එකඟතාව පළ කර ඇති අතර, එම අරමුදල් බස්නාහිර, උතුර සහ නැගෙනහිර පළාත්වල පළාත් පාලන ආයතනයන්හි කසළ කළමනාකරණ ධාරිතාව වැඩි කිරීම සඳහා Garbage Compactors 28ක් ප්‍රසම්පාදනය කිරීම පිණිස යොදා ගැනීමට අපේක්ෂිතය.
මෙම ව්‍යාපෘතිය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරනු ලබන අතර එකී ව්‍යාපෘතිය යටතේ බස්නාහිර පළාත සඳහා 14ක්, නැගෙනහිර පළාත සඳහා 8 ක් සහ උතුරු පළාත සඳහා 6ක් වශයෙන් Garbage Compactors බෙදාහැරීමට යෝජිතය.
ඒ අනුව, ජපාන ආර්ථීක සහ සමාජ සංවර්ධන වැඩසටහන යටතේ එකී ප්‍රදානය ලබා ගැනීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් අත්‍යවශ්‍යම වැඩක්. ට්‍රක්ටර්වල කුණු ගෙනියනවා මග දිගේ හැලි හැලි. පළාතම ගඳ ගස්සවගෙන. මීට අමතරව ප්‍රධාන නගරවල ලොකු කුණු බක්කි තියන්න ඕන. එතකොට මිනිසුන් තැන තැන කුණු දාන්නෙ නෑ.
ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් ලක්ෂ 2 කටත් අඩු ප්‍රමාණයක්. වැඩිම වුණොත් කුණු අදින ලොරි 3 ක් ගන්න පුළුවන්.
ලංකාවේ බදු ගැන මම දන්නේ නෑ. ජපානේ නම් කුණු ලොරි 20-30ක් ගන්න පුළුවන්.
සොරි. බ්‍රෑන්ඩ් නිව් කුණු ලොරි 30 ඉදල 75ක් වගේ ගන්න පුළුවන්. සයිස් එක අනුව මිල ගණන් වෙනස්
නිකම් ලැබෙන අශ්වයාගේ දත් බලන්න එපා. මේක ජපානයෙන් නොමිලේ ලැබුණ දෙයක්. පසුගිය ආණ්ඩුවේ අමාත්‍යවරු වගේ කොමිස් ඉල්ලන්න එපා.
නිසැකම දෙන අශ්වයාගේ දත් බලන්න එපා. පසුගිය ආණ්ඩුවේ අමාත්‍යවරු වගේ.
ඉස්සර වගේ කුණු ගෙනියන රථ වෙනුවට වී 8 ගනීද දන්නේ නෑ.