
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයට අයත් නවගමුව මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාශයේ සිදුකළ හදිසි ආහාර වැටලීමකදී මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු සෞඛ්‍ය ආරක්ෂිත බවින් තොර වෙළඳ සැල් නවයකට නඩු පවරා නිවේදන නිකුත් කළ බව කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
නවගමුව මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ජී.එස් රන්දිම මහතාගේ මෙහෙයවීමෙන් හෝටල් බේකරි ආපන ශාලා සුපිරි වෙළද සැල් දහකි තුනක් පරීක්ෂා කිරීමේදී ඉන් ස්ථාන නවයකට මෙසේ කඩුවෙල අධිකරණයේ නඩු පැවරූ බව පැවසේ.
එහිදී මාළු වෙළද සැලක නරක් වූ මාළු ශීතකරණයක තබා තිබියදී මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ට හමු වූ අතර ඒ ඒ පිළිබඳ විමසීමේදී වෙළඳ සැල් හිමිකරු ඒවා නරක් වූ ඒවා බැවින් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සැලට ආපසු යවන ඒවා බව පවසා පසුව ඒවා නරක් වී නොමැති බවත් නරක් වූ මාලූ ආහාරයට ගන්නේම නැද්දැයි ආදී වශයෙන් විමසීමත් සමඟ මහජන පරීක්ෂක නිලධාරීන් සිය ආහාර පනතේ බලය භාවිතා කරමින් එම මාලු කිලෝ 20 විනාශ කිරීමට පියවර ගත් බව පැවසේ.
ඊට අමතරව සුපිරි වෙලද සැලක රතු සීනි මළකඩ සහිත පෙට්ටියක බහා තිබීමත් ශීතකරණයක නිසි උෂ්ණත්වය නොමැතිවීමෙන් අයිස් ක්‍රීම් අයිස් කප් හා අයිස් කෝන් ගබඩා කර තිබීමෙන් ඒවා දියවී මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු තත්ත්වයෙන් පැවතීම නිසා අයිස් ක්‍රීම් බදුන් 122 සමග ශීතකරණයට මුද්‍රා තබා අධිකරණය නඩු පැවරූ බව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හොද වැඩක්... හැම හෝටලයකම චෙක් කරන්න ඕනේ... මොකද පරණ කෑම දෙන්නේ...?
මෙවැනි පුවත් මීට පෙර අප දුටුවේ නෑ නේද? දැන් පී.එච්.අයි. මහත්තුරුත් හොඳටම වැඩ. රටම නිවැරැදි දිසාවට ගමන් කරන නිසා කවුරුත් තම තමන්ගේ වගකීම් නිසි පරිදි ඉටු කරනවා. අපේ අනුර සහෝදරයා නිසා තමයි මේ ඔක්කෝම... ජනතාවනි, ජෙප්පන් වගේ සිතන්න පුරුදුවන්න...
කරුණාකර හැකි ඉක්මණින් රහසිගතව මීගමුව නගරයේ ආපන ශාලා එක්වරම පරීක්ෂාවට ලක්කරන්න. ඉතාම ප්‍රාථමික මට්ටමින් පවත්වාගෙන යන හෝටල් රාශියක් නගරයේ තිබෙන අතර දිගු කලකින් පරීක්ෂාවට ලක්වී නැත.
පරිභෝජනයට නුසුදුසු ආහාර විකුණන පුද්ගලයින්ට ගහන අවම දඩය රුපියල් ලක්ෂයක් කළ යුතුයි. දඩය ගෙවන්නේ නැත්නම් පාරවල් අතුගානවා වගේ පොදු වැඩ කරන්න අඩුම තරමේ මාස තුනක්වත් අදාල නගර සභාවට හෝ ප්‍රාදේශීය සභාවට භාර දිය යුතුයි. එහෙම නැතුව රුපියල් දෙතුන් දාහක් ගහලා වැඩක් නැහැ. දඩය ගෙවලා ඇවිල්ලා පහුවෙනිදාම නැවත පුරුදු බිස්නස් එක පටන් ගන්නවා. පී. එච්. අයි මහත්වරුන්ගේ මහන්සියෙන් ප්‍රයෝජනයක් නැහැ.