IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


කුඩලිගම විදුහලේ ශාලාවකට ගසක් කඩා වැටෙයි

(ලක්මි කුඩලිගම)

බුලත්සිංහල අධ්‍යාපන කොට්ඨාසයේ කුඩලිගම මහා විද්‍යාලයේ ශාලාවක් මතට අද (25) උදෑසන ගසක් කඩා වැටීමෙන් එම ශාලාවේ වහලට හා සෙවිලි තහඩුවලට දැඩි හානි සිදුව තිබේ.

අද දින පාසල් නිවාඩු දිනයක් වීම හේතුවෙන් සිදුවන්නට ගිය විශාල අනතුරක් වැළකී ගොස් ඇති අතර මේ අනතුර පාසල් දිනයක සිදුවූවානම් දරුවන් විශාල පිරිසන් තුවාල ලබන්නට ඉඩ ඇතැයි දෙමාපියන් පවසති.

කුඩලිගම මහා විද්‍යාලයේ ගොඩනැගිලි අවට අවදානම් තත්ත්වයේ විශාල ගස් රාශියක් දක්නට ලැබෙන අතර එම ගස් ගොඩනැගිලි වහලය ආසන්නයට පහත් වී ඇති බවද ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි. 

ඒ අනුව සිදූවූ අනතුරත් සමඟ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අධ්‍යාපන බලධාරීන් මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කළ යුතුයැයි ප්‍රදේශවාසීන් පවසති.



අදහස් (0)

කුඩලිගම විදුහලේ ශාලාවකට ගසක් කඩා වැටෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 33 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site