IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කුඩාම්මාගේ හිරිිහැර කියන්න දැරියක් පොලිසියට

(පැතුම් දර්ශන)

සිය කුඩම්මාගෙන් සිදුවන හිරිහැර දරා ගත නොහැකි වූ වයස අවුරුදු 11ක දැරියක් තනිවම පොලිසියට පැමිණි  බව හොරොව්පොතාන පොලිසිය කියයි.

දැරියගේ මව මීට අවුරුදු පහකට පමණ පෙර මියගොස් ඇති අතර පසුව ඇගේ පියා  දියණියක් සිටින වැන්දඹු කාන්තාවක් විවාහ කරගෙන සිටින බව පොලීසිය පවසයි.

කුඩම්මා ඇගේ දියණියට ඉතා ආදරයෙන් සලකන බවත් තමන්ට බැණ වදිමින් හිරිහැර කරන බවත් දැරිය පොලිසියට පැමිණ පවසා ඇති අතර කුඩම්මා විසින් සිදුකරන හිරිහැර ඉවසා ගත නොහැකි තැන මෙලෙස පොලීසියට පැමිණි බව දැරිය  හඬමින් පැවසූ බව පොලීසිය කියයි.

දෑරියගේ නිවසේ සිට පොලිසියට කිලෝමීටර් හතරක පමණ දුරක් ඇති බව පවසන පොලිසිය ඇය පා ගමනින් එම දුර ගෙවා ගෙන පැමිණ මෙම පැමිණිල්ල සිදුකර ඇති බවද කියයි.

ඒ අනුව දැරියගේ කුඩම්මා වන හතළිස් එක් හැවිරිදි කාන්තාවක් පොලිසිය  අත්අඩංගුවට ගෙන ඇති අතර හෙට(05) ඇය සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදුකිරීමට නියමිතය.

ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නවීන් ඉන්ද්‍රජිත් දයානන්ද මහතාගේ අධික්ෂණය යටතේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක රංජනී මහත්මිය ඇතුළු නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරති.

 



අදහස් (8)

කුඩාම්මාගේ හිරිිහැර කියන්න දැරියක් පොලිසියට

sampath Saturday, 04 February 2023 09:36 PM

සියලුම දරුවන් පරිවාස අධීක්ෂණයකට යටත් කරන්න ඕනි. විශේෂයෙන්ම මව හෝ පියා හෝ දෙදෙනාම නැත්නම් ඒ දරුවන් ගැන සමීප අධීක්ෂණයක් තිබිය යුතුයි. මේ තරම් දෙයක් වෙනකම් නොදැන සිටීම නිලධාරීන්ගේත් රාජකාරිය පැහැර හැරීමක්. අම්මා නැති කළ අප්පා කවර කළේ කියලා මේ දරුවගේ තාත්තවයි මුලින්ම මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්න ඕනි. මේවාට ආධාර අනුබල දෙනවට.

:       2       22

C.K.Lankaputhra Sunday, 05 February 2023 06:14 AM

හුගක් කුඩ මම්මලා ඔහොම තමයි. නමුත් දෙවිවරු වන් කුඩම්මලත් අප අතර ඉන්නවා.

:       1       17

LallaSunday, 05 February 2023 11:43 PM

හැම කුඩම්මාම එහෙම නෑ. මව මියගිය පසුව මගේ පුතා හදාගත්තේ එවැනි බොහෝ කාරුණික උගත් කුඩම්මා කෙනෙක්.

:       0       0

අප්පුහාමි Sunday, 05 February 2023 08:19 AM

බළල්ලු ලවා කොස් ඇට බාවන්නෙ දැරියගේ පියා වෙන්න ඇති නැත්නම් ඔය වයසේ දැරියකට ඔපමන දුරක් කිසිවෙකුට නොපෙනී යන්න අමාරුයි. පියාට කැදයි රැවුලයි දෙකම ඕන නිසා කරන්න ඇති කියලා හිතෙනවා. ළමා කටයුතු සදහා වැටුප් ගන්න නිළධාරින් නම් වැහිවැහැලා ඉන්නවා. දැන් කාලයේ ග්‍රාම සේවා නිළධාරින් ඔහොම වුනාට ඉස්සර හිටපු ග්‍රාම සේවකලා නම් කොපමණ දක්ෂද ඔවුන් ගමේ තියෙන කාර්‍යාලයේ පැය 24 ම වැඩ කලා. ඔවුන් අපිට රාත්‍රියේ වුනත් අවශ්‍යතා (ග්‍රාම සේවා සහතික දීම වගේ දේවල් ) ඉටුකර දීලා තියෙනවා. දැන් කාලයේ විශ්‍රාමිකයින් සදහා නොමැරී ඉන්නවා කියලා සහතික ගන්නත් කම්මැලියි.

:       1       14

asoka Sunday, 05 February 2023 01:40 PM

ඔව් ඔව්... අපි දැක්කා ග්‍රාමසේවක කෙනෙක් ඇවිත් රට කරපු හැටි...

:       0       6

චින්තක Sunday, 05 February 2023 07:33 PM

ඒ ග්‍රාමසේවක වැඩ කරන්න බැරුව සේවය හැරගිය කෙනෙක් කියලා තමයි අහන්න ලැබුණේ...

:       0       2

chandima Sunday, 05 February 2023 09:00 AM

කුඩම්මා පොලීසියට අල්ලලා දුන්නා කියලා තාත්තා ළමයට අල්ලගෙන තලයිද?

:       1       13

Athula Sunday, 05 February 2023 04:29 PM

ඒ දැරිවිය අපිට දෙන්න... අපි රැකබලා ගන්නම්..!

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 294 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site