
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මදුරන්කුලිය ප්‍රදේශයෙ කුඩා දැරියක දිය පහරකට ගසා ගෙන ගොස් කැළැ රෝදක සිරවි සිටියදී මව හා ප්‍රදේශවාසින් විසින් සොයා ගෙන පුත්තලම මූලික රෝහලට ඇතුලත් කරන විටත් මරණයට පත්ව සිටි බව මදුරන්කුලිය පොලිසිය කියයි.
මෙසේ අවාසනාවත් අයුරින් මරණයට පත්ව ඇත්තේ මදුරන්කුලිය සිංහල මහා විද්‍යාලයට නුදුරින් පිහිටි නිවසක සිටි අවුරුද්දයි මාස දෙකක් වයසැති ඕනති ලිනේෂා ඕමාලී නැමති කුඩා දැරියක් බව කියයි.
මෙම දැරිය නිවස ආසන්නයෙන් ගලා ගෙන ගිය ඇළ පාරක ජලයට වැටි ගසා ගෙන ගොස් කුඩා කැළැ රෝදක සිරවි සිටියදී මව හා අසල්වැසියන් විසින් සොයා ගෙන තිබු බව කියයි.
මෙම කුඩා දැරිය හා තවත් දරුවන් පිරිසක් නිවස ආසන්නයෙ ඇලේ දැවැන්ත ජල කද ආසන්නයෙ කඩදාසි බෝට්ටු යැවිමේ නිරතව සිට ඇති බවත් එය මෙම ස්ථානයෙන් වෙනත් රාජකාරියක් සදහා ගමන් කරමින් සිටි මදුරන්කුලිය පොලිස්ථානයෙ පොලිස් කොස්තාපල් 61322 ඉන්දික නිශාන්ත මහතා දරුවන් එම ස්ථානයෙන් ඉවත් කර ගන්නා ලෙස අවවාද කර ගොස් පැය දෙකකට ආසන්න කාලයකදි මෙම දැරිය මෙසේ ඇළට වැටි ගසා ගෙන ගොස් තිබු බව පොලිස් පරික්ෂණ වලදි හෙළිව තිබුනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමව්පියන්ගේ වැරැද්ද, මේ වගේ දවස් වල ළමයි පිලිබඳ සැලකිල්ලෙන් ඉන්න ඕනේ.. අනික අනාරක්ෂිත තැන් වල ගෙවල් හදන එකත් වැරදියි. අපිට දැන් අවුරුදු 60ටත් ලං වෙලා ජිවත් වෙන්නේ අපේ දෙමව්පියන් අපිව හරියට ආරක්ෂා කරපු නිසා, අපේ ළමයි ලොකු වුණත් ළමයි එංගලන්තයේ වුණත් මෙහේ වැස්ස දවසටත් අපි ළමයි ගැන සෙවිල්ලෙන් ඉන්නේ...!
පොලිසියේ නිලධාරි මහත්මයෙක් අවවාද දී තිබියදීත් ඒ ගැන නොසැලකූ වැඩිහිටියන්ට මිනීමැරුම් චෝදනා ගෙන එන්න.
මෙම වැඩිහිටියන් දවසක් හෝ හිරේ දැමිය යුතුයි...!