IMG-LOGO

කුඩුගැසූ සරසවි සිසුහු 18ක් ඉවතට

කේ. බුද්ධික කුමාරසිරි

හෝමාගම පොලිස් වසමට අයත් පිටිපන ප්‍රදේශයේ පිහිටි විශ්වවිද්‍යාලයක සිසුන් 18 දෙනකු මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ චෝදනාව මත විශ්වවිද්‍යාලයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් විජේසිංහ මහතා හෝමාගම සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අද (15) ප්‍රකාශ කළේය.

මේ ආකාරයෙන් පසුගිය සති දෙක තුනක කාලය තුළදී විශ්වවිද්‍යාල සිසුන් දැඩි ලෙස මත්ද්‍රව්‍ය සඳහා දැඩි ලෙස ඇබ්බැහි වී ඇති බවත් ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීම් වැඩි කර ඇති බවත් ඔහු පැවසීය.

මේ අතර ඉදි⁣රියේදී හෝමාගම පිටිපන මාහේන ප්‍රදේශයට පොලිස් ස්ථානයක් ස්ථාපිත කිරීමටත්, හෝමාගම පොලිස් කොට්ඨාසය ලෙස පොලිස් කොට්ඨාසයක් ස්ථාපිත කර මත්ද්‍රව්‍ය මැඩලීම කඩිනම් කිරීමටත් කටයුතු කරමින් සිටින බව ද ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය



අදහස් (8)

කුඩුගැසූ සරසවි සිසුහු 18ක් ඉවතට

යෝගා Friday, 16 December 2022 08:20 AM

ඇයි විශ්ව විද්‍යාලයේ නම කියන්න බැරි? දෙමාපියන්ට රටේ ජනතාවට දැනගන්න ඕන

:       0       11

දිමුත්Friday, 16 December 2022 12:19 PM

පුද්ගලික විශ්ව විද්‍යාලයක්නේ... ඒක වෙන්නැති...

:       0       0

කසුන් Friday, 16 December 2022 08:23 AM

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය කියන්න මොකද්ද වගේද? කරුණාකරලා ඕවා ප්‍රසිද්ධ කරන්න. අපි හරි අමුතු ජාතියක්. අපරාධ කරන එකාගෙ මූණ නම හංගලා වින්දිතයන්ගේ අල ගිය මුල ගිය තැන් ඔක්කොම දානවා. ඉතින් අපිට හරි යයිද?

:       3       19

damithFriday, 16 December 2022 10:31 AM

ඇයි BPU විතරද NSBM තියෙන්නෙත් එහෙ නේද? අනික ඇබ්බැහිවීම අපරාධයක්ද? අනුකම්පා කරන්න ඕන දෙයක්නේ...!

:       13       10

nalin Friday, 16 December 2022 10:38 AM

පිටිපන පැත්තේ තියෙන පුද්ගලික කැම්පස් එකක් හින්දා වෙන්න ඇති නම කියන්නේ නැත්තේ...!

:       1       14

Lakmal Friday, 16 December 2022 12:42 PM

ඔව්... රාජ්‍ය විශ්ව විද්‍යාලයක වුණා නම් බලාගන්න තිබුණා ලස්සනට තව අතින් දාලත් කියයි. පුද්ගලික නිසා නම දාන්නෙත් නෑ...

:       3       4

ruwan Friday, 16 December 2022 11:25 AM

ඇයි ප්‍රයි‌වෙට් කැම්පුස් වල විතරද ඔක වෙන්නෙ? අපි නොඩන්න රජයේ කැම්පස්

:       0       7

නිහාල් Friday, 16 December 2022 12:21 PM

කුඩු ගෙන්වන අය පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරිමේ අදහසක් නැද්ද?

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site