කේ. බුද්ධික කුමාරසිරි
හෝමාගම පොලිස් වසමට අයත් පිටිපන ප්‍රදේශයේ පිහිටි විශ්වවිද්‍යාලයක සිසුන් 18 දෙනකු මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ චෝදනාව මත විශ්වවිද්‍යාලයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් විජේසිංහ මහතා හෝමාගම සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අද (15) ප්‍රකාශ කළේය.
මේ ආකාරයෙන් පසුගිය සති දෙක තුනක කාලය තුළදී විශ්වවිද්‍යාල සිසුන් දැඩි ලෙස මත්ද්‍රව්‍ය සඳහා දැඩි ලෙස ඇබ්බැහි වී ඇති බවත් ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීම් වැඩි කර ඇති බවත් ඔහු පැවසීය.
මේ අතර ඉදිරියේදී හෝමාගම පිටිපන මාහේන ප්‍රදේශයට පොලිස් ස්ථානයක් ස්ථාපිත කිරීමටත්, හෝමාගම පොලිස් කොට්ඨාසය ලෙස පොලිස් කොට්ඨාසයක් ස්ථාපිත කර මත්ද්‍රව්‍ය මැඩලීම කඩිනම් කිරීමටත් කටයුතු කරමින් සිටින බව ද ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි විශ්ව විද්‍යාලයේ නම කියන්න බැරි? දෙමාපියන්ට රටේ ජනතාවට දැනගන්න ඕන
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය කියන්න මොකද්ද වගේද? කරුණාකරලා ඕවා ප්‍රසිද්ධ කරන්න. අපි හරි අමුතු ජාතියක්. අපරාධ කරන එකාගෙ මූණ නම හංගලා වින්දිතයන්ගේ අල ගිය මුල ගිය තැන් ඔක්කොම දානවා. ඉතින් අපිට හරි යයිද?
පිටිපන පැත්තේ තියෙන පුද්ගලික කැම්පස් එකක් හින්දා වෙන්න ඇති නම කියන්නේ නැත්තේ...!
ඇයි ප්‍රයිවෙට් කැම්පුස් වල විතරද ඔක වෙන්නෙ? අපි නොඩන්න රජයේ කැම්පස්
කුඩු ගෙන්වන අය පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරිමේ අදහසක් නැද්ද?