
(ගයාන් සූරිය ආරච්චි,චමිල් රූපසිංහ සහ ජේ.ඒ.එල්. ජයසිංහ)
කොළඹ සිට තෙල්දෙනිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් කඩුගන්නාව ඩෝසන් කුළුන අසල ආසන්නයේ දී විශාල ගසක හැපිමෙන් තුවාල කරුවන් 6 දෙනකු මහනුවර රෝහලට ඇතුලත් කළ බව කඩුගන්නාව පොලිසිය පවසයි.
අද (21) පස්වරු 3 ට පමන සිදුවු මෙම අනතුරින් බස් රථයේ රියදුරු ඇතුලු බස් රථයේ ගමන් ගත් මගින් 5 දෙනකුට තුවාල සිදුව ඇත.
තුවාල කරුවන් ප්‍රදේශවාසීන් හා කඩුගන්නාව පොලිසියේ නිලධාරින් මැදිහත්ව රෝහල් ගත කර ඇති අතර කිසිවකුට බරපතල තුවාල සිදුවි නැතියි රෝහල් ප්‍රකාශකයෙක් කීය.
දැනට පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ බස් රථයේ තිරිංග අක්‍රිය වීම හේතුවෙන් මෙම අනතුරුව සිදුව ඇතිවය.
කඩුගන්නාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බසයේ ගමන්මග කාටහරි පැහැදිලි කරන්න පුළුවන්ද? බසයේ ගමන්මග විය යුත්තේ තෙල්දෙණිය මහනුවර...
කොළඹ සිට මහනුවර දක්වා ගමන් කරන තෙල්දෙණිය ඩිපෝවට අයත් බස්රියකි.