
(ගයාන් සූරිය ආරච්චි,චමිල් රූපසිංහ සහ ජේ.ඒ.එල්. ජයසිංහ)
කොළඹ සිට තෙල්දෙනිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් කඩුගන්නාව ඩෝසන් කුළුන අසල ආසන්නයේ දී විශාල ගසක හැපිමෙන් තුවාල කරුවන් 6 දෙනකු මහනුවර රෝහලට ඇතුලත් කළ බව කඩුගන්නාව පොලිසිය පවසයි.
අද (21) පස්වරු 3 ට පමන සිදුවු මෙම අනතුරින් බස් රථයේ රියදුරු ඇතුලු බස් රථයේ ගමන් ගත් මගින් 5 දෙනකුට තුවාල සිදුව ඇත.
තුවාල කරුවන් ප්‍රදේශවාසීන් හා කඩුගන්නාව පොලිසියේ නිලධාරින් මැදිහත්ව රෝහල් ගත කර ඇති අතර කිසිවකුට බරපතල තුවාල සිදුවි නැතියි රෝහල් ප්‍රකාශකයෙක් කීය.
දැනට පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ බස් රථයේ තිරිංග අක්‍රිය වීම හේතුවෙන් මෙම අනතුරුව සිදුව ඇතිවය.
කඩුගන්නාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

2025 දෙසැම්බර් මස 18
596
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කඩුගන්නාවේදී බසයක් ගසක වැදී 6ක් රෝහලට
ravin Saturday, 21 December 2024 05:27 PM
බසයේ ගමන්මග කාටහරි පැහැදිලි කරන්න පුළුවන්ද? බසයේ ගමන්මග විය යුත්තේ තෙල්දෙණිය මහනුවර...
ණිමල් කුමාරසිරි Saturday, 21 December 2024 07:47 PM
කොළඹ සිට මහනුවර දක්වා ගමන් කරන තෙල්දෙණිය ඩිපෝවට අයත් බස්රියකි.