IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරයේ දුම්රිය මැදිරි කොළඹට ගෙන ඒම තාවකාලිකව නවත්වයි

( චමිල් රූපසිංහ)


කඩුගන්නාව දුම්රිය ස්ථාන පරිශ්‍රයේ පිහිටි “ ජාතික දුම්රිය කෞතුකාගාරය “ සතු ඇති පැරණි දුම්රිය මැදිරි කොළඹට රැගෙන යෑම තාවකාලිකව නැවැත්වු බව කඩුගන්නාව නගර සභාවේ සභාපති අමිල වේරගොඩ මහතා පැවැසිය.


කඩුගන්නාව දුම්රිය ස්ථාන පරිශ්‍රයේ පිහිටි “ ජාතික දුම්රිය කෞතුකාගාරය “ සතු ඇති පැරණි දුම්රිය මැදිරි කොළඹ ප්‍රදේශයට ගෙන යෑමට විරෝධය පා කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචි කරුවන් හා කඩුගන්නාව නගරසභාවේ මන්ත්‍රීවරුන්  පසුගිය මස 26 වැනිදා   විරෝධතාවක නියැලුණහ.


2014 වසරේදි මෙම ජාතික දුම්රිය කෞතුකාගාරය එවකට  ඇමැතිවරුව  සිටි කුමාර වෙල්ගම, රෝහණ දිසානායක හා යටිනුවර එක්සත් ජනතා නිදහස් සංධාන මන්ත්‍රි අර්ල් ගුණසේකර යන මහත්වරුන් විසින් ප්‍රථම දුම්රිය ගමනට වසර 150 ක් පිරීම නිමිත්තෙන් මෙම ජාතික දුම්රිය කෞතුකාගාරය කඩුගන්නාව දුම්රිය පරිශ්‍රයේදි විවෘත  කළේය.


 මෙම කෞතුකාගාරයේ ඇති දුම්රිය මැදිරි ඉවත් කිරිමට යාමේදි දුම්රිය මැදිරි වලට දැඩි ලෙස අලාභහානි සිදුවු අතර එම අලාභයන් තක්සේරු කිරිම සදහා පසුගියදා ( 30) දුම්රිය දෙපාර්තුමේන්තුවේ ඉහළ නිළධාරියෙක්  පැමිණ විමර්ශන කටයුතු කළේය.



අදහස් (0)

කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරයේ දුම්රිය මැදිරි කොළඹට ගෙන ඒම තාවකාලිකව නවත්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site