
(තිස්ස කොටින්කඩුව, ප්‍රසංග පෙරේරා සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නිවෙස් හා ගෙවතු අළංකරණය සදහා යොදා ගන්නා කැට වර්ග නිෂ්පාදන කරන ස්ථානයකින් සොයාගත් අයිස් නිෂ්පාදනයට යොදාගන්නා බවට සැකකරන රාසායන ද්‍රව්‍ය කොටස් වැඩිදුර පරීක්ෂණය සඳහා රස පරීක්ෂක අංශයට යොමු කළ බව පොලිසිය කියයි.
කදානේ සුපිරි මහල් නිවාසයක තිබූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදයට යොදා ගන්නා බවට සැකකරන රසායන ද්‍රව්‍ය කිලෝ 2500කට අධික ප්‍රමාණයක් ඊයේ (7) සොයාගත් බව පොලිසිය කියයි.
කළුතර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත එම නිලධාරීන් කදාන පොලිසිය සමග ඊයේ (07) සවස කදාන දුම්රිය ස්ථානයට යන මාර්ගයේ අතුරු මාර්ගයක පිහිටි සුපිරි දෙමහල් නිවෙසක් වටලා පරීක්ෂා කිරීමේදී එම නිවස තුළ සහ නිවසට යාබදව කැලෑවෙන් වැසී තිබූ ඉඩමකින් මෙම රසායනික ද්‍රව්‍ය තොගය සොයා ගත් බව කදාන පොලිසිය පවසයි.
මෙම නිවෙස පොලිසිය විසින් වටලන අවස්තාවේ එම නිවෙසෙහි කුලි පදනම මත පදිංචිව සිටි තරුණ යුවළක් සහ දරුවකු නිවෙසෙන් පැනගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු සැකකරුවකු මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැති බවත් පොලීසිය පැවසීය.




2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
582
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කුඩු හදන කුඩක් කදානෙන් සොයා ගනී
Perakum Liyanagama Monday, 08 September 2025 08:27 AM
අපේ හිටපු දේශපාලුවන්ගේ අනුග්‍රහයෙන් මත් ද්‍රව්‍ය මෙරට තුලදීම නිශ්පාදනය සඳහා ක්‍රියා කරන තරමට දුරදිග යාම කොතරම් අවාසනාවන්ත තත්වයක්ද. මාලිමා රජය මේවා අත්හිටුවා අදාල සියල්ලන්ටම දැඩි දඬුවම් දෙනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමු.
යෝගා Monday, 08 September 2025 08:37 AM
වරායෙන් හොරට පන්නපු කන්ටේනර් 323 ප්‍රථිපල මේවා තමා. ජේවීපියට මේ අපරාධය නම් පාස්කු ප්‍රහාරය වගේ අනුන් පිට පටවලා අතපිහාගන්න ලැබෙන්නේ නෑ.
peter kureraMonday, 08 September 2025 09:45 AM
ලොකුම පුදුමය නම් කන්ටේනර් පොහොට්ටු සාමාජිකයින්ගේ පරිශ්‍රයන් තුළට යාමයි.
යෝගාMonday, 08 September 2025 11:44 AM
කලින් පොහොට්ටුවේ හිටපු බයියො තමයි දැන් ජෙබයියො වෙලා තියෙන්නේ. නැත්නම් 3% හිටපු ජෙප්පො ආණ්ඩුවක් පිහිටුවන්නේ කොහොමද? එහෙම බැලුවම අයිස් පැක්ට්‍රිය තනිකර ජෙපි ගේමක්ද කියලා සැක පහල වෙනවා.
janahithaMonday, 08 September 2025 01:29 PM
ඒකනේ ඕක අල්ලලා දාමු... ආගම වගේ අදහන දේශපාලනයේ නේ නවතින්නේ...
janahithaMonday, 08 September 2025 01:40 PM
ඒකනේ අපේ විශ්වාසය හැටියට ඕවා තියෙන්න ඇත්තේ අස්ගිරි පැත්තේ ...
janahithaMonday, 08 September 2025 01:46 PM
එය සැලසුම් සහගතව සිදුකළ ක්‍රියාන්විතයක්... ආණ්ඩුවට මේවා ගැන පලපුරුද්දක් නැහැ. එය සැලසුම්ව කළ තදබදයක් පමණක් දෙවනුව ආණ්ඩුවට පියවර ගන්න සැලසුම් කළ කුඩු මුදවාගත්තු වරද නම් රතු නිවේදන නොසලකා නිදහස් කළ නිසා ආණ්ඩුවද අත්අඩංගුවට ගත යුතුයි.