
(දිලීප් ජයසේකර)
ඓතිහාසික කුඩා සිතුල් පවුව විහාර භූමියේ පිහිටි පෞරාණික දාගැබක ගර්භය බිද නිධන් වස්තු සෙවීමේ චෝදනාවට අත්අඩංගුවට පත් යෝධකණ්ඩියේ පදිංචි සොත්ති රණා ඇතුළු සැකකරුවන් 07 දෙනා මෙම හත් වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි තිස්සමහාරාම මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු කාංචනමාලී ගුණසේකර මහත්මිය නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ තිස්සමහාරාම අවට පදිංචි කරුවන් අලුත් පටබැදිගේ තුෂාන් ජයලත් නොහොත් සොත්ති රණා, රුමේෂ් අනුරාධ, ඒ.එල්.උවිදු ලක්ෂාන්, එස්.එන්.ප්‍රියන්ත, එස්.ඒ.ජයමිණී මංජුල, ඒ.පී.නිමල් ගාමිණී හා ඒ.කේ.ඒ.අමිල නැමති සැකකරුවන් හත් දෙනාය.
සැකකරුවන් ඉකුත් 31 වන දින රාත්‍රි යන්ත්‍ර සුත්‍ර යොදා ගනිමින් ඉතා සූක්ෂම ලෙස කුඩා සිතුල් පවුවේ පිහිටි පුරාණ දාගැබක ගර්භය බිද නිධන් වස්තු සොයමින් සිටියදී පුදබිමේ ආරක්ෂාවට යොදවා සිටි හමුදා නිළධාරියකු විසින් සැකකරුවකු අල්ලාගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුගෙන් සිදුල ප්‍රශ්ණ කිරීමේදී ලබාගත් තොරුතුරු ඔස්සේ පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ෂණ ආරම්භ කෙරුණු අතර එහිදී තිස්සමහාරාම පොලිසියේ අපරාධ අංශයේ නිළධාරීන් කණ්ඩායමක් විසින් සිද්ධියට යොදාගත් ජිෆ් රථය සමග සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සමත් වි තිබේ.
පසුව සැකකරුවන් කිරින්ද පොලිස් ස්ථානයට රැගෙන විත් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු සැකකරුවන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ඩ්‍රිල් කරනකන් කොහෙද කට්ටිය හිටියේ.
ඔන්න නම් ගම් පින්තූර ඔක්කොම දාලා. සීනි හොරුන්ගෙත් ඔය විදියට දැම්මානම් තමා හොඳ.
දැන්වත් මේ හොරකමට තිත තිබ්බොත් හොඳයි නේද.?
මේ අහවලාගෙ ඩ්‍රයිවර් නේද, අල්ලන්න කලින් ගියෙ වෙන කතාවක්.
රජයෙන් උපරිම දඬුවම් දිය යුතුයි.
හැමදේටම කතා කරන සජිත් මේකට මොනවා කියයිද