(සුජිත් හේවාජුලිගේ )
සමහර නගරවල වෙළෙඳසල් ස්වෙච්ඡාවෙන් වැසුවත් ජනතාව වෙනත් ගම්වල වෙළෙඳසල්වලට ගොස් බඩුමුට්ටු ගන්නේ නම් එම වැඩපිළිවෙළ ප්‍රායෝගික නොවනු ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
වෙළෙඳසල් හිමියන් වෙළෙඳසල් වසමින් මෙලෙස කටයුතු කිරීම ගැන ඔවුනට ප්‍රශංසාව පුද කරන බවත් මෙම වැඩපිළිවෙල සාමාන්‍ය ජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයට ක්‍රියාත්මක විය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.
බොහෝ ප්‍රදේශවල කුඩා කුඩා ව්‍යාපාර කරමින් ජීවත්වන පිරිස් ගැනද මේ අවස්ථාවේදී කල්පනා කළ යුතු බව යුද හමුදාපතිවරයා පැවසුවේය.
තම තමන් ආරක්ෂා වීම, තම තමන්ගේ ගම බලාගෙන වැනි ක්‍රියාමාර්ගවලට යොමුවීම ඉතා වැදගත් බව පැවසූ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා රටේ ජනතාව තුළ එවැනි චින්තනයක් ඇති වීම සුබවාදී තත්වයක් බවද ප්‍රකාශ කළේය.
ජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයට එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ඔහු වැඩි දුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාලාගේ මේ ක්‍රියාමාර්ගත් එක්ක මේ යන විදිහට තව මාසයක් දෙකක් යනකොට "ජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයට..." වෙන්න ජනතාව ඉතුරු උනොත් පුදුමයි
එතකොට ගමේ මිනිසුන්ගේ සුභසාධනය ගැනත් බලන්න ඕන.
එතකොට ආණ්ඩුව අපහසුතාවය පත් වෙන්නේ නැද්ද.?
ඒ කියන්නේ බාගෙට ඇරගෙන ඉන්න කියලද.?
ඒ කතාවනම් මමත් පිළිගන්නවා... ගරු හමුදාපතිතුමනි..,
මේ මනුස්සයා මොකක්ද අප්පා මේ කියන්න හදන්නේ . මට නිකං පිස්සු වගේ .
ලෙඩේ වැඩි වෙනකන් බලන් ඉඳලා දැන් මොනවා කිව්වත් වැඩක් නැ සර්...
මිනිස්සුන්ට මෙච්චර දේවල් කරන්න වෙලා තියෙන්නේ ආණ්ඩුවේ මරි මෝඩ වැඩ නිසා කියලා ඔබට නොතේරෙන එකයි හිතට දුක
අනිවාර්යයෙන් සති 2ක් සම්පුර්ණවම ලෝක ඩවුන් කරන්න .මේක නවත්වන්න බැරි වෙනවා