
(යොහාන් භාසුර සහ අංජුල මහික වීරරත්න)
මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කිසිඳු දේශපාලනමය බාධාවක් නොමැති බවත් මත්ද්‍රව්‍ය උවදුරෙන් මෙරට තරුණයින් බේරාගැනීම වෙනුවෙන් සියලු පියවර ලබන වසරේ ආරම්භ කරන බවත් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසුවේය.
නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී එසේ පැවසීය.
මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නවා සේම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, සැපයුම්කරුවන් සොයා වැටලීම් කර ඔවුන්ට එරෙහිව ගන්නා නීතිමය ක්‍රියාවලිය අවසන් වන තෙක් පසුවිපරම් සිදු කළ යුතු බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
මත්ද්‍රව්‍ය නිවාරණය කිරීම වෙනුවෙන් රට පුරා විශේෂ වැඩපිළිවෙලක් ලබන වසරේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව කී ගුණසේකර මහතා එය මාධ්‍ය සංදර්ශනයක් නොවන පොලිස් දෙපාර්තමේන්තුවේ අවංක මැදිහත්වීම අපේක්ෂා කරන වැඩසටහනක් බව ද සඳහන් කළේය.
කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව නගරය මත්ද්‍රව්‍ය උවදුර වැඩිම නගරයක් බවත්, පාසල් දරුවන් මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරු වීම හේතුවෙන් ඔවුන්ගේ අධ්‍යාපනය අඩාල වී තිබීම නිසා ඔවුන්ව බේරා ගැනීම රජය සතු වගකීමක් ලෙස සළකා ලබන වසරේදී මත්ද්‍රව්‍ය උවදුර කොලොන්නාව නගරයෙන් සහමුලින්ම ඉවත් කළ යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
587
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1090
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’කුඩු ලෝලියා ඇල්ලුවට කුඩු මුදලාලි ඇල්ලුවේ නෑ’’
Nishan Friday, 27 December 2024 03:19 AM
දැන් ඔයාලා කුඩු මුදලාලිලා කී දෙනෙක්ව ඇල්ලුවද? තවම පරීක්ෂණ කරනවද? දැන්වත් බොරු කයිවාරු නවත්තලා වැඩ කරන්න.
Saman Friday, 27 December 2024 03:33 PM
ඒකද සළිඳු ගෙදර යැව්වේ... ඒ ඇපදීමට සම්බන්ධ විනිසුරුගේ සිට හැමෝම සිරගත කළ යුතුයි..!