(සනත් ගමගේ)

නෝනගම වැලිපටන්විල උසන්ගොඩ පන්සලේ පෙරහැරේ කවාඩි නැටීමට නිවසින් පිටව ගිය තරුණයකුගේ දකුණු අත තියුණු ආයුධයකින් කපා බරපතල තුවාල සිදුවිම හේතුවෙන් එම තරුණයා රෝහල් ගත කර ඇති බව හුංගම පොලිසිය කියයි.

මෙසේ බරපතල ලෙස දකුණු අත වැලමිටට උඩින් වෙන් වෙන තරමටම කැපිමට ලක් වී ඇත්තේ උහපිටගොඩ පෝරුට් නිවාස වල පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.

අත කැපිමට යොදාගත් දිගැති තියුණු ආයුධයක්ද යතුුර පැදිය අසල වැටී තිබි හමුව ඇතැයි පොලීසිය කියයි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ සිදු කරයි .