(විමුක්ති එස් රුද්‍රිගු)
දිස්ත්‍රික්ක 5 ක සිටින හෙක්ටයාර් 0.5 ට අඩුවෙන් වගා කරන දැඩි අවදානමකට ලක්වී සිටින කුඩා පරිමාණ ගොවීන් 42000 සඳහා පොහොර සහ වී බීජ සැපයීමේ ව්‍යාපෘතියක් සඳහා යුරෝපා සංගමය යුරෝ මිලියන 4 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් බිලියන 1.5)ක මුදලක් ප්‍රදානය කර ඇත.
යුරෝපා සංගමය ලබා දුන් මෙම මූල්‍ය ආධාරය ප්‍රයෝජනයට ගනිමින් එක්සත් ජාතීන්ගේ අහාර සහ කෘෂිකර්ම සංවිධානය ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය මුහුණ දී සිටින අර්බුදයට සහ ආහාර සුරක්ෂිතතා අර්බුදයට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් ශ්‍රී ලංකා රජය සමඟ එක්ව ආහාර සහ පෝෂණ සුරක්ෂිතතාව වර්ධනය කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.
මෙම ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර, පොලොන්නරුව, බදුල්ල, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වල සිටින හෙක්ටයාර් 0.5 ට අඩුවෙන් වගා කරන දැඩි අවදානමකට ලක්වී සිටින කුඩා පරිමාණ ගොවීන් 42000කට 2023 යල කන්නය සඳහා කිලෝ ග්‍රෑම් 50ක යූරියා බෑගයක් ලබා දීමට නියමිතය.එසේම මෙම ව්‍යාපෘතිය මගින් ඉලක්ක ගත ගොවීන්ට මෙන්ම ව්‍යාපෘති නිලධාරීන්ට කාර්යක්ෂම පොහොර භාවිතය, රසායනික පොහොර සඳහා පවතින අවශ්‍යතාව අවම කිරීම, කාබනික පොහොර භාවිතය ඉහළ නැංවීම සහ දීර්ඝ කාලීන වශයෙන් පසේ සාපල්‍යතාව ඉහළ නැංවීම පිළිබඳ පුහුණුවක් ලබාදීමට නියමිතව තිබේ.
මෙම ව්‍යාපෘතිය අද(07) නිල වශයෙන් කොළඹදී ආරම්භ විය.එම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත විමලේන්ද්‍ර ශරන් මහතා, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චයිබි මහතා, කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ කෘෂි කර්ම අමාත්‍යංශයේ ලේකම් ගුණදාස සමරසිංහ යන මහත්වරු සහභාගී වූහ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කුඩා පරිමාණ ගොවීන්ට බිලියන එක හමාරක්