(අංජුල මහික වීරරත්න)

කුඩු (හෙරොයින්)මත්ද්‍රව්‍ය නොමැතිකමින් කම්කරුවන් පොහොර ලොරි වලට පැටවීමේ වැඩ සඳහා එන්නේ නැතැයි   කොමර්ෂල් සහ ලංකා පොහොර සමාගමේ සභාපතිවරුන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද  අමරවීර මහතාට දැනුම් දුන්නේය.

වත්තල පිහිටි රජයේ පොහොර සමාගම් වන කොමර්ෂල්  සහ ලංකා පොහොර සමාගම් හරහා මේ දිනවල පොහොර බෙදාහැරීමේ කටයුතු සිදු කෙරෙන අතර එහි ප්‍රගතිය විමසා බැලීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී සභාපතිවරුන් මේ කාරණය ඇමතිවරයාට දැනුම් දී ඇත.

කම්කරු හිඟය නිසා පොහොර බෙදාහැරීමේ කටයුතු වලට බාධා සිදුව ඇතැයි ද පොහොර සමාගම් සභාපතිවරුන් ඇමැතිවරයාට කීය.

මෙහිදී අමාත්‍යවරයා පැවසුවේ කම්කරුවන් සඳහා කුඩු ලබාදීමට අමාත්‍යාංශයට හැකියාවක් නැති හෙයින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ලබාගෙන පොහොර පැටවීමෙි  කටයුතු සිදු කරන බවයි.

ඒ සඳහා වැය වන සියලු මුදල් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ලබාදෙන බවද කෘෂිකර්ම අමාත්‍ය  මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.