(මනෝප්‍රිය ගුණසේකර)
කොළඹ ප්‍රදේශයේ වෙසක් සිරි නැරඹීමට සිය දෙමාපියන් සමඟ පැමිණී 11 හැවිරිදි දරුවකුට වෙසක් කලාපයක කුටියක් තුළදී බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවන්ට වරදකරු වු 50 හැවිරිදි එක් දරු පියෙකුට බරපතළ වැඩ සහිත වසර 08ක සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා දරුවාට රුපියල් ලක්ෂ 02ක වන්දියක්ද අද (25) නියම කළේය.
කොළඹ වෙසක් කලාපයක වෙසක් සිරි නැරඹීමට සිය දෙමාපියන් සමඟ පැමිණී 11 හැවිරිදි දරුවකුට වෙසක් කූඩුවක් සාදා දෙන බව පවසා කලාපයේ කුටියක් තුලට ගෙන විත්තිකරු දරුවාට බරපතළ ලෙස ලිංගික අපයෝජනය කළ බවට පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට පමුණුවන ලද දඬුවමට අමතරව රුපියල් 10,000/-ක දඩයක්ද පැණවීය.
2015 මැයි මාසයේ දිනයක කොළඹදී බාලවයස්කාර දරුවකුට බරපතළ ලෙස ලිංගික අපයෝජනය කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් අධිචෝදනා නඟා තිබිණී.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගය අවසානයේදී විත්තිකරුට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තරණය කළ විනිසුරුවරයා විත්තිකරුට අදාළ දඬුවම් පැමිණ වීය.
විත්තිකරුට පැණවු දඩ හා වන්දි මුල් නොගෙවන්නේ නම් අමතරව තවත් මාස 18ක සිරදඬුවම් ලබා දීමටද නියම කළ විනිසුරුවරයා එකී සිරදඬුවම් වෙන් වෙන්ව ගෙවි යන ලෙස ක්‍රියාත්මක කිරීමටද නියම කළේය.
2025 දෙසැම්බර් මස 18
636
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුඩා දැරියකට අතවර කළ එක් දරු පියා වසර 8කට හිරේ
Ven.D.Revatha Thero Tuesday, 26 November 2024 08:11 AM
දෙමාපියන් එක්ක ආවා කියලා වාර්තා වන්නේ?
fairoos Tuesday, 26 November 2024 11:58 AM
වසර 9 ක් නඩු කියලා... ඒ ළමයාට ලොකු අයියා කෙනෙක් ඉදලා තිබ්බා නම් මෙලෙහකටත් ඔය නරුමයාට දඩුවම් දීලා ඇති