
(විමුක්ති එස්. රුද්‍රිගෝ)
කේට් කුමරිය, යොවුන් දැරියක කාලයේ, ඇගේ හිසේ සැත්කමක් සිදු කර ඇති බවත්, හිසේ ඇති වුණු ගැටිත්තක් එම සැත්කමින් ඉවත් කෙරුණු බවත් මාධ්‍ය වාර්තා කරයි.
මාධ්‍ය මේ බව වාර්තා කළේ, රජ පවුලේ කටයුතු සම්බන්ධයෙන් ලේඛකයකු ලෙස කටයුතු කරන, රොබ් ජොබ්සන් විසින් රචිත නවතම රාජකීය චරිතාපදාන ඇති විස්තර අනුවය.
යොවුන් දැරියක කාලයේ, කේට් කුමරිය, රෝහල්ගත කෙරුණේ, නිතර නිතර උදෑසන වමනය හට ගැනීම නිසාය. ශාන්ත මේරි රෝහලේ දී සැත්කමක් මගින් වෛද්‍යවරුන් එම ගැටිත්ත ඉවත් කළ බවත්, සැත්කම කළ ස්ථානයේ තුවාල කැලැල තවමත් දකින්න ලැබෙන බවත් රාජකීය චරිතාපදානයේ සඳහන් වෙයි.
ඉන්පසු දරු ප්‍රසූතියකදී හැර ඇය රෝහල්ගතව ප්‍රතිකාර ලබා නැතැයි ද පැවැසෙයි. අද බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරියගේ බිරිඳ වන 42 හැවිරිදි කේට් මිඩ්ලිටන් කුමරිය පිළිකා රෝගියෙකි. ඇය ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් සිටින්නේ රාජකීය කටයුතුවලින් පවා ඈත් වෙමිනි.
COMMENTS
ඇය සුවපත් වේවා! ජීවිතයට අපි හැමෝම ආදරෙයි.
කේට් කුමරියට සුව වෙන්න ඕනෑ. එක හරි නමුත් තමන්ගේ රටේ මොනතරම් රෝගීන් ඉන්නවාද? එයාලා ගැනත් විශේෂ උනන්දුවක් දක්වනවා නම් හොදයි
තෙරුවන් සරණයි…!
ඔය කුමරියගේ අතේ තියෙන මුදුව අපලයි.. ඒ නිල් මැණික් ගල අශුභ එකක්.. ඒක ඉස්සෙල්ල දැම්මේ ඩයනා කුමරිය (කේට් ගේ නැන්දම්මා) එයා චාල්ස් කුමාරයාගෙන් දික්කසාද වුනා පස්සේ රිය අනතුරකින් මලා .. ඔය නිල් මැණික රාජකීය පවුලට දුන්නේ ලංකාවේ ඒ කාලේ ලංකාවේ ප්‍රකොටිපති මැණික් ව්‍යාපාරිකයෙක් වූ නිමල් පතිරණ මහතා.. ඔහුත් පස්සේ බංකොලොත් වෙලා අසරණ වෙලා ආණ්ඩුවේ ඉස්පිරිතලේකද කොහෙද මළා .. දැන් බලන්න කේට් කුමරියට පිළිකාවක්.. වහාම ඔය ගල සහිත මුද්ද අයින් කරලා පොඩි සෙත් ශාන්තියක් කරන්න ඕන.. පුලුවන්නම් බකිංහම් මාලිගයේ වත්තේ තොවිලයක් කරලා දෙහි කපල ඔය අපල උපද්‍රව නැති කරන්න මට පුළුවන්.. කොහෙද දැන් කියයි මට පිස්සු කියල..