
(අමදෝරු අමරජීව හා සුගත් බද්දේගෙදර )
කඩු කිනිසි රැගෙන ප්‍රදේශ කිහිපයක භීෂණය පැතිර වූ තිදෙනකු කඩු කිනිසි යකඩ බට හා යකඩ පොලු සමඟ අල්ලෙහි නගර් ප්‍රදේශයේ දී ඊයේ (24) රාත්‍රියේ සේරුනුවර පොලීසිය විසින් අත්අඩංගුවට ගැනිණ.
ආරවුලක් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගත් අයෙකුගෙන් ලද ප්‍රකාශයක් අනුව පෝර බෑගයක් තුළ දමාගෙන යමින් සිටි මෙම කඩු,කිනිසි,යකඩ බට හා යකඩ පොලු සමඟ සෙසු පිරිස මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අල්ලයි නගර් හා තෝපූර් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මෙම සැකකරුවන්ගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මූතූර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd