
(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොටහේනේ ඡංගම දුරකතන අලෙවි හලක් තුළදී වෙඩි තබා අයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කාක දූපතේදී පොලිසියට වෙඩි තබද්දී පොලිසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරයන් තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මියගිය බව කොටහේන පොලිසිය කියයි.
සැකකරුවන එල්ල කළ වෙඩි පහරින් බරපතල තුවාල ලද පොලිස් කොස්තාපල්වරයකු රෝහල් ගත කර ඇත.
මියගිය සැකකරුවන් දෙදෙනා මාදම්පිටිය සහ පිළියන්දල මඩපාත පදිංචි වයස අවුරුදු 32 - 35 යන වයස්වල පසුවන්නන් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී කාකා දූපතේ උන්ඩ තොගයක් සඟවා තිබෙන බවට අනාවරණය කිරීමෙන් අනතුරුව ඒවා සොයා ගැනීම සඳහා එම ස්ථානයට ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරියකු අත තිබූ ගිනි අවිය උදුරාගෙන පොලිසියට වෙඩි තැබූ බව පොලිසිය කියයි.
ඒ අවස්ථාවේ පොලිසියේ එල්ල කළ ප්‍රතිපාහාරයෙන් සැකකරුවන් දෙදෙනාම බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
ෙ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු ඝාතකයින්ට මාංචු දමන්නේ නැතිද?
නියමයි නියමයි´.´ඔන්න ඒ්ක තමයි ක්‍රමය. පක්ෂ පාට මොකවත් බලන්න එපා...
කවුරු කොහොම කිව්වත් ආයුධ පෙන්වීමට රැගෙන යාම ඉතාමත් හොඳයි.
මහින්දගේ කාලේ ඕවා වෙනකොට අනුර කුමාර කියලා හාදයෙක් සෑහෙන්න උඩපැන්නා "ආයුධ පෙන්නන්න අරන් යනවා කියලා අහිංසක මිනිස්සු මරනවලු". "අපරාධ කාරයෙක් වුණත් නීතීය හරියට ක්‍රියාත්මක වෙන්න ඕනේ". කියලා. අනේ ඒ අනුර කුමාර අද හිටියා නම්..
මම ඔය සැක කරුවන් පොලිසියට වෙඩි තිබ්බා කියන කතාව විශ්වාස කරන්නේ නැහැ, මේකත් ඉස්සර කරපු ආයුධ පෙන්වීම වගේ නාට්‍යයක්, ඕකෙන් වෙන්නේ මිණීමැරුම් කරන්න නියෝගය දුන්නු මුල් අපරාධකාරයා ගැලවෙන එකයි..
දැන් තමයි හරි ට්‍රැක් එකට ආවේ. ඔහොම යං. ශ්‍රී ලංකාව පාතාලයෙන් තොර "ක්ලීන්" ශ්‍රී ලංකාවක් කරමු.
මේවා දේශබන්ධු කරද්දි නරකයි. මාලිමා ආණ්ඩුව යටතේ සැකකරුවන් මරා දැමීම සාධාරණද? මාලිමා කුලී ඩෝබිලා උත්තර දෙන්නකෝ...!
හංගපු අවි ආයුධ පෙන්නන්න එක්කන් ගියා නේද? පරණ පිටපතක්. ඒ වුණාට කෝ මාලිමාවේ හැත්ත ඒ කාලේ කෑ ගහපු මානව හිමිකම්? කරන්න ගියාම නේද තේරෙන්නේ කොහොමද කරන්නේ කියලා. ගෝඨාට කොච්චර නම් මඩ ගැහුවාද? ඔය දැන් ඉන්න පොලිස් ඇමතියාම. ඕවා පාලනය කරන්න ඔහොම ඇරෙන්න වෙන ක්‍රමයක් නෑ නේද?
ආයුධ පෙන්වීමට ගොස් සැකකරුවන් මරා දැමීමේ පුරුද්ද වහාම නවතා දැමිය යුතු එකක්...!
මේ වැඩ වලින් පේන්නේ ආන්ඩුවේ කිසිම සැලැස්මක් නැති බවයි. තාම අර ගෑණිව හොයාගෙනත් නෑනේ. කෝ අර කමක් නෑ අපි නම් මාලිමාවට කියපු ඇමති ඩ්‍රයිවර්ගෙ පරම්පරාවේ කට්ටිය...?
අර බද්රානිලා, මොණරවිලලා වගේ අය දැන් කොහොමද රෙදි ඇඳගෙන පාරේ යන්නේ...?
ජනාධිපතිතුමනි, අහවල් එකට අත්සන් කරන්න..
පොලිසියේ පරණ කතාවමද නැත්නම් ඇත්තම සිද්ධියද? වෙඩිකාපු රාලහාමි පෙන්නුවා නම් යමක් සිතාගත හැකියි...
ආයුධ හොයන්න ගිහින් තියෙන්නේ මාංචු නොදාද? මේවා මාර විහිළුනේ
හොඳ වැඩක්... අවි ගත්තෝ අවියෙන්ම නැසෙති.
ඒක හොඳයි.. ක්ෂණික දඬුවම්.
මේක තමයි මොවුන්ට තේරෙන භාෂාව...
පිරිසිදුවට රට තියා ගමු...
මාංචු දාලා ගෙනියන්නේ නැද්ද? මේවාට යන්නේ පොලිසියේ බබාලාද?
දැන් ඉතින් මෙතැන "මානව හිමිකම්" ගැන කියමින් වැලලෙන්න හදයිද දන්නේ නැහැ... සමහරක් කුක්කෝ "රාජ්‍ය භීෂණය" කියමිනුත් උඩු බුරයි!
පාතාලයට සම්බන්ධ කාත් කවුරුත් ගැන හොයාගන්න තිබුණු සාක්කිත් වලපල්ලට නේද?
පොලිසිය මිනීමරුවන්ගේ ශාක්ෂි ටික නියමෙටම යට ගැහුවා නේද..? මේ පුද්ගලයින් දෙදෙනාව මෙහෙයවුයේ කවුරුන්ද කියා පොලිසිය දැනුවත් වුණාද..?
දැන් කාගේ සාක්ෂිද කවුද යටගැහුවේ? කෑ ගහපල්ලා, කෑගහපල්ලා පෙර ආන්ඩුවලත් මෙහෙම වුණා. අපරාදේ අනුර විපක්ෂයේ නැති එක නැත්නම් උඩ පැනලා වැලපිලා හොටුබේරාගෙන පාතාලයෝ වෙඩිතබා මරපු එක කුජීතයි, බියගුලුයි... ආන්ඩුවේ උවමනාව, ධනපතියන්ගේ රැකුමට එකී මෙකී නොකී දේ අහගන්න තිබුණා.
මේක වඳුරන්ගේ වැඩක් නෙවෙයි. කාක්කන්ගේ වැඩක්. පව් දුක හිතෙනවා.
මේවාට හුරේ දැම්මට හිතන්න බලන්න දෙපිටකාට්ටු ජෙප්පෝ මේ ක්‍රමයට තමුන්ට විරුද්ධ පාතාල කල්ලි විතරක් මර්දනය කළොත් මොකද වෙන්නේ කියලා....
මේ තවත් ආයුධ පෙන්වන්න එක්ක යන සීන්ස් එකේ අපරාධයක්. උන් කරපු අපරාදෙයි මුන් කරන අපරාදෙයි දෙකක් නෙමෙයි එකක්. ඒ බව නොතේරෙන ගොබ්බයෝ ප්‍රීතී ..ප්‍රීති යෝ රජතුමනි කියලා උඩ පනිමින් රජ තුමාව උඩ දාන බව පේනවා. ගිහින් “ රාජ කපුරු"" කියන නාට්‍යය නැරඹිය යුතුය. 1988/ 89 ගැන දන්නවා නම් ආයෙත් මතක් කර ගත යුතුය. අපිට ජේ. වී.පී. ද, යු.ඇන් . පී. ද , එන් .පී පී . ද, පොහොට්ටුද අදාළ නොමැති අතර අපරාධ කරුවන්ට දඬුවම් දිය යුත්තේ පොලිසිය හෝ දෙසපාලකයන් නොවන බව ව්‍යවස්ථාව මගින්ම තහවුරු කොට තිබේ.ඒ සඳහා අධිකරණයක් පවතී . අනුර කුමාරගේ කතාවෙන් පැහදිලි වුයේ ඔය දේ වෙන බවය. ඔය ගමන ඔහොම ගියොත් නතර වනු ඇත්තේ මහා විනාශයකින් බව මතක් කරනු කැමැත්තෙමි. අහඹු තත්වයන් තුළ සිදුවන දේටද විනිවිද භාවයක් සෑම අවස්ථාවකම තිබිය යුතුය. ඔය යන්න හදන්නේ පැරණි ගමනම වන අතර මානව අයිතිවාසිකම් රජයක් විසින් කඩකිරිම බරපතල විපාක සඳහා හේතුවන බවත්, මේ පිලිබඳ ව අප ජාත්‍යන්තර අවධානයට යොමු කරන බවද , ජනතා අප්‍රසාදයට පත්වීම තවත් ඉක්මන් වන බවද මතක තබා ගත යුතුය. සපුමල්
ශ්‍රී ලංකාවේ හැර වෙන රටක මෙහෙම වෙනවා ද? අනේ දන්න කෙනෙක් කියන්නකෝ.
සමන්. ඔය නම් කියන අයට ලැජ්ජාව කියලා දෙයක් නෑ.