(අනුරාධපුර-දයාරත්න ඇඹෝගම)
කටුවෙල,මෙත්තජී පුරාණ රජමහ විහාරස්ථානයේ තිබු වසර 1200 ක් පැරණි ඓතිහාසික වටිනා කමකින් යුක්ත කිරිගරැඩ ගලෙන් නිමවු කිලෝ 300ක් පමණ බරැති සිරිපතුල කිසිවෙකු විසින් ඊයේ (06)දින සොරා ගෙන ගොස් ඇතැයි මැදවච්චිය පොලිසිය කියයි.
සොරා ගන්නා ලද මෙම ඓතිහාසික වටිනා කමකින් යුක්ත සිරිපතුල අඩි දෙක හමාරක් දිග,අඩි දෙකක් පළල,අඩි දෙකක් උසින් යුක්ත බවත් එහි ලියවැල් කොට තිබු බවත් කටුවෙල,මෙත්තජී පුරාණ රජමහ විහාරාධිපති පුජ්යි තෝනිගල සීලරතන හිමියන් විසින් පොලිසියට සිදුකළ පැමිණිල්ලේ සදහන්ය.
විහාරස්ථානයේ ආවස ගෙය අසළ නුගගසක් අසල තිබියදි මෙම සිරිපතුල විහාරාධිපති හිමියන් වහන්සේ නොසිටි අවස්ථාවකදි කිසිවෙකු විසින් සොරා ගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
සිරිපතුල සොරාගත් අයෙක් පිළිබදව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණයවි නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ආර්.එම්.අයි.බි.රත්නායක මහතා ඇතුළු පොලිස් නිලධාරිහු පිරිසක් වැඩිදුර පරික්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd