(රොමේෂ් මධුෂංඛ)
යාපනය, මාදගල්තුරෙයි වෙරළ තීරයේ තිබි රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 112 ක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
උතුරු නාවික විධානයට අයත් සෙබළුන් පිරිසක් හා ඉලවාලෙයි පොලීස් නිලධාරීන් පිරිසක් විසින් සිදු කරන ලද මෙහෙයුමකදී මෙම කේරල ගංජා තොගය හමු වී ඇත.
අදාළ කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් රැගෙනවිත් මෙරට බෙදා හැරීම සඳහා සූදනම් වන අවස්ථාවකදී නාවික හමුදාවේ සෝදිසි මෙහෙයුමක් හේතුවෙන් කේරල ගංජා තොගය දමා ජාවාරම්කරුවන් පලා යන්නට ඇතැයි නාවික හමුදාව සැක පළ කර සිටියි.
එම කේරල ගංජා තොගය ඉටිකොළවලින් ආවරණය කර තිබූ අතර වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා නාවික හමුදාව විසින් පේදුරුතුඩුව පොලීසියට බාර දීමට පියවර ගෙන තිබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා සහජීවනේට ගෙනාපුවා.
මේක සංවිධානාත්මකව කරන විශාල හොර මත්ද්‍රව්‍ය ව්‍යාපාරයක්. මේක නවතන්න ඉන්දියානු උපකාරයත් ඕනෑ. එහෙම කලොත් නම් මේක නවතාගන්න පුළුවන් වේවි...!!!