
(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන පනත උල්ලංඝනය කරමින් එම කොමිෂමේ අනුමැතියෙන් තොරව, රුපියල් කෝටියක් වටිනා අති නවීනතම ජංගම දුරකථන තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබේ .
මොහු කොළඹ 12 ප්‍රදේශයේ පදිංච් 40 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .
ඔහු ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ ඊයේ උදෑසන 08.35ට වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මලු 02 ක් තුළ මෙම අති නවීනතම ජංගම දුරකථන 91 ක් සගවා ගෙන සිටියදී කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මේ වනවිට මෙම ජංගම දුරකථන තොගය සමග ඒවා රැගෙන ආ ගුවන් මගියා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (08) ඉදිරිපත් කර තිබේ .
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටියක ජංගම දුරකථන කටුනායකින් අල්ලයි