(ටී.කේ.ජී.කපිල )
ගෙවී ගිය දින 12 ක කාලය ඇතුළත කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ගුවන් මගීන් 3,491 ක් නීරෝධායන කටයුතු සදහා, රට පුරා පිහිටුවා ඇති නීරෝධායන මධ්‍යස්ථාන 22 ක් වෙත යොමු කර ඇති බව ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පැවසීය. කටුනායක ගුවන් තොටුපළ හරහා ශ්‍රී ලංකාවට පැමිණි පිරිස සඳහා 10 දින අලුයම 4.00 සිට ආරම්භ කර තිබූ නීරෝධායන කටයුතු අද(22) දින සවස 3.00 ට නිල වශයෙන් නිමාවට පත් කළ බව ද ඒ මහතා කීවේය.
මෙතැන් සිට රජයේ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ විශේෂ අවසරයක් ඇතිව ගුවන් යානයක් ශ්‍රී ලංකාවට ගෙන්වූවොත් මිස, එයින් පරිබාහිරව කටුනායක ගුවන් තොටුපළ සිට ක්‍රියාත්මක නීරෝධායන වැඩසටහන නිමාවට පත් කර ඇති බවද ගුවන් තොටුපළ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය .
කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යන මගීන් කිසිදු බාධාවකින් තොරව පිටත්ව යන අතර , කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ රට තුළට පැමිණෙන ගුවන් මගීන් සදහා ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ.
කෙසේ වෙතත් සංක්‍රමණික ගුවන් මගීන් රැගෙන එන ගුවන් යානා, හදිසි ගොඩබැස්සවීමට පැමිණෙන ගුවන් යානා, කාර්මික දෝෂ මත ගොඩබැස්සවීමට පැමිණෙන ගුවන් යානා , ආහාර සහ ඉන්ධන ලබා ගැනීමට පැමිණෙන ගුවන් යානා සහ මගීන් රහිතව පැමිණෙන ගුවන් යානා සඳහා ද තවදුරටත් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට අවස්ථාව ලබා දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මුලින් නිරෝධනයට සහභාගි වුන පිරිස ගෙදර ගිය නිසා , මධ්‍යස්ථානවල ඉඩකඩ තිබෙන නිසා අලුතෙන් විශේෂ අවසර මත එන සියලුදෙනාමව නිරෝධන මධ්‍යස්ථාන වලට යොමු කරන්න , ගෙවල් වල ඉදන් නිරෝධාන කරන වැඩේ එපමණ සාර්ථක නැහැ , සමහරු ගෙදරින් පිට නොගියත් රට සිට පැමිණි පුද්ගලයන් මුණ ගැහෙන්න ඔවුන්ගේ නෑයෝ යාලුවෝ ගෙදරට එනවා,
සමහරු මම දමල තිබෙන අදහසට විරුද්ධ බවට ලකුණු කරලා තිබෙනවා , ඔවුන් මදකට සිතා බලන්න ඕනේ පිටරටින් එන ටික දෙනා නිසි අධීක්ෂණය යටතේ නිරෝධනය කරන එකක්ද, එසේ නොමැතිනම් රටම තව මාස කිහිපයක් වහල තබන එකද සාධාරණ කියල , රජයේ අධීක්ෂණය යටතේ නිරෝධනය වෙන්න අකමැතිනම් ඉන්න රටවලම ඉන්න අරින්න , නැතිනම් අවරුදු කාලෙට කොටසක් කොහොම හරි ඔය කියන රටවල ඉඳල දේශපාලන දැන හැදුනුම් කම් මත අනිවාර්යයෙන් ඔය ඉඳල හිටලා එන විශේෂ ගුවන් යානා වල ආසන වෙන් කරගෙන මෙහෙ ඇවිත් ගෙදරදී නිරෝධනය වෙනවා කියල මාරු වෙනවා . එහෙම කරලා ඔවුන් ගෙදර ඉන්න එකක් නැහැ රට වටේම ඇවිදිවී , ඉදිරියට චන්දෙ තිබෙන නිසා සමහරවිට චන්ද ප්‍රචාරක කටයුතු , අවරුදු උත්සව වලට එහෙම සහභාගී වේවි ,ඊට පස්සේ අයෙමත් මුළු රටම වහල මේ කටයුතු මුල ඉඳලම පටන්ගන්න වේවි .