
(යොහාන් භාසුර)
මෙරටට සංචාරකයන්ගේ පැමිණීම සීඝ්‍රයෙන් වැඩි වෙමින් පැවතීම පිළිබඳව අවදානය යොමුකර ගුවන්තොටුපොළ පහසුකම් පුළුල් කරමින් කටුනායක ගුවන්තොටුපළේ ඇතුල්වීමේ නව කවුන්ටර 20 ක් එකතු කිරීමට තීරණය කළ බව ප්‍රවාහන, මහාමාර්ග , වරාය හා ගුවන් සේවා අමාත්‍යය පවසයි.
මෙරට අභ්‍යන්තර ගුවන්ගමන් ඇරඹීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට තීරණය කළ බවත් පහසුකම් වැඩිදියුණු කර වෙනත් ජාත්‍යන්තර ගුවන් සමාගම්වලට ද මෙරට ගුවන්තොටුපොළට ආරාධනා කිරීමට තීරණය කළ බවත් එම අමාත්‍යංශය කීය.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණවලය එළඹුණි.
වසරකට මිලියන 12 ක පමණ ගුවන් මගීන් ප්‍රමාණයක් 2028 වන විට අපේක්ෂා කරන අතර ඊට සුදානම් වීමට අවශ්‍ය උපදෙස් අමාත්‍යවරයා දුන් බවත් මෙම සියලු කටයුතු සංචාරක ව්‍යාපාරය හා බැදී තිබෙන බැවින් මෙරට ප්‍රධානතම ආදයම් මාර්ග අතර ඇති සංචාරක ව්‍යාපාරය ඉහළ මට්ටමකට ගෙන ඒමට මෙම පියවරයන් ඉවහල් වන බවත් එම අමාත්‍යංශය සඳහන් කරයි.
ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා, අමාත්‍යංශ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී. පෙරේරා, ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ, සංචාරක මණ්ඩලයේ සභාපති බුද්ධික හේවාවසම්, සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න, ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සභාපති චීෆ් වයිස් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම යන මහත්වරු ඇතුලු නිලධාරීන් පිරිසක් මෙම විශේෂ සාකච්ඡාවට එක්වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ හදන කවුන්ටර් ටිකක් ලස්සන නවීන ආකාරයට හදල තියෙනවනම් ගොඩක් හොදයි. මුලින්ම රටට ඇතුලවෙනකොට හැමෝම දකින්නේ ඒ කවුන්ටර් කැසියර් මේස වගේ. ටිකක් බලන්න ඩුබායි එහෙම ලස්සන. ලංකාවට අවේනික විදියට හරි ලස්සන කවුන්ටර් ටිකක් හදන්න. තහඩු පෙට්ටි නැතිව
කවුන්ටර් 20 නෙමේ 50 දැම්මත් වැඩක් නෑ, ඔය කවුන්ටර් වල වැඩ කරන්න කට්ටිය දාන්නේ නැතිවයි. දැන් තියන කවුන්ටර් වලින් භාගයක විතරයි නිලධාරීන් ඉන්නේ.
බොහොමයක් සංචාරකයින් මුලින්ම යොමුවන්නේ ඉදිරියෙන්ම ඇති පැමිනීමේ කවුලුවටයි. එහි සංචාරකයින් පිරී සිටියත් ඉන් ඔබ්බෙන් වම්පසින් ඇති කවුලු පෙලට සංචාරකයින් යොමු නොවන්නේ නිසි මගපෙන්වීමක් නොමැති නිසාද? මමද බොහෝ වේලාවකට පසුව නිලධරයකුගෙන් අසා දැනගන්නාතුරු සිතා උන්නේ සාපේක්ෂව කුඩා පිවිසුමක් සහිත වම්පසින් වූ කවුලු පේල වෙන්ව ඇත්තේ ලාංකික ගමන් බලපත් හිමියන්ට පමනක් කියාය. ආගමන කවුලු වලට වඩාත් කරමවත් පුවරු යෙදීම අවශ්යවේ. එවිට පරධාන කවුලුවේ සංචාරකයින් පිරීසිටීම සිදු නොවේ. සංචාරකයින් එක් කවුලුවක පොරකනු දැක වැඩිපුර නිලධාරීන් සේවයට පැමිනීම වෙනුවට ගුවන් යානය ගොඩබැසීමට පෙර සිටම කවුලු විවුර්ථ කර සූදානම්ව සිටිය යුතුය.එමගින් එක කවුලුවක සංචාරකයින් පෝලිම් ගැසීමක් සිදු නොවේ.
කොපමන කවුලු තිබුනත් ඒවායේ නිලධාරීන් වාඩි වන්නේ ඉදිරියේ ඈති කවුලු පෙලේ සංචාරකයින් පෝලිම් ගැසී පිරී ඉතිරී ගිය පසුවය. මුල් කවුලුවේ පෙලගැසුනු සංචාරකයින්ට ඔවුන් සිටින ස්ථානයට පසුව විවුර්ථ වන කවුලු පෙනේන්නේ නැත. එබැවින් පසුව පැමිනෙන නිලධාරීන් කවුලු විවුර්ථ කලත් මුල් කවුලු වල තදබදය එලෙසම පවතී.මින් සතියකට පෙර මමත් මගේ පවුලේ උදවියත් මෙයට මුහුන දුන්නෙමි. ඇතිතරම් කවුලු තිබුනත් වම්පසීන් ඈතින් ඇති කවුලු වෙත නිසි ලෙස සංචාරකයින් යොමු කිරිම් සිදු නොවේ.
ටොයිලට් ටික බැලුවේ නැද්ද... සමහර දාට පිටකොටුවේ වගේ!
කවුන්ටර් කීයක් දැම්මත් වැඩක් නෑ ... යන එන හැම වෙලාවෙම ඒවා වේලෙනවා . මමත් අවුරුදු 15ක් රටින් පිට යනවා එනවා. ඒ හැම වෙලාවෙම මෙහෙම නිකන් මෙලෝ රහක් නෑ.
ඇමති කෙනෙක් ඒ වගේ ප්‍රසිද්ද ස්තානවලට යන විදිය. නිකන් කෝච්චියේ යනවා වගේ ඇදගෙන ගිහිල්ලා තියෙන්නෙ
අසංග... ටයි කෝට් දාගෙන ගිහින් කරපු හරිය මදැයි පහුගිය කාලේ
කටුනාක ගුවන් තොටුපලේ වැසිකිළි නම් පිරිසිදු මදි වගේම ඒවා ගොඩක් පරණ ඒවා, අනික ඉඩ කඩත් මදි, පිරිසිදු කරන්න ඉන්න අය ගුවන් මගීන්ගෙන් සල්ලි බලාපොරොත්තුවෙන් ඉන්නේ. මම දැකල තියෙනවා සල්ලි ගන්නවා වගේම සල්ලි දෙනවත්. අනික බෙල්ට් එකෙ බෑග් එක අරන් දෙන්න ඉන්න අයත් බෑග් අරන් දීල සල්ලි ඉල්ලනවා. රුපියල් නෑ අතේ.
කවුලු කොපමණ දම්මත්, කවුළුවල වල ඉන්න නිලධාරීන්ගේ මුහුණු වල කිසිම ප්‍රියමනාප බවක් නැහැ. බුම්බගෙන ඉන්නේ වැඩි දෙනෙක් . ගුඩ් මෝර්නින්, හෙලෝ කිව්මාවත් ප්‍රතිචාර දක්වන්නේ නැහැ. වෙන රටවල නිලධාරීන් හරිම සුහදශීලී. මේවාත් හදා ගන්න ඕනෑ දේවල්. මට අවුරුදු 30ක් තියෙනවා, ලංකාවට යනවා එනවා. ආගමන විගමන නිලධාරීන්ගේ මම දැක්කා අඩුපාඩුවක්.