
(අංජුල මහික වීරරත්න)
කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොලේ පළමු මාස අටේ ගුවන් මගීන් හැසිරවීම සියයට 14 කින් වර්ධනය වී ඇතැයි ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාග පවසයි.
2024 පළමු මාස අටේ ගුවන් මගීන් 58 37 351 දෙනෙකු හසුරුවා ඇති අතර 2025 වර්ෂයේ පළමු මාස අටේ එම අගය 66 30 728 කි.
එය 2024 පළමු මාස අටට සාපේක්ෂව සියයට 13.59 ක වර්ධනයකි. 2025 පළමු මාස අටේ වැඩිම මගී පිරිසක් හසුරුවා ඇත්තේ අගෝස්තු මාසයේ වන අතර එම අගය 922 993 කි.
ඉදිරි සංචාරක සමය ආරම්භ වීමත් සමඟම නව ගුවන් ගමන් වාර සඳහා ඇති ඉල්ලුම ඉහල ගොස් ඇති බවත් ඉදිරි සංචාරක සමයේද සංචාරක පැමිණීමේ වර්ධනයක් බලාපොරොත්තු වන බව ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගම පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුවන් යානා වැඩිපුර එන අවස්ථාවල හැම කවුන්ටරෙකම නිලධාරියෙක් ඉන්නව දිනකට එන ගුවන් යානා ප්‍රමානය 20%-30% වැඩි වුනත් හැන්ඩ්ල් කරගන්න පුළුවන් , අපට අවශ්‍ය වෙන්නේ තත්වය හරියට පාලනය කරගන්න පුළුවන් ශිෆ්ට් ලීඩරල සහ කාර්යක්ෂම සේවකයන් සහ නිලධාරීන්