(ටී.කේ.ජී.කපිල )
මාර්ග අංක 187 කටුනායක ගුවන් තොටුපොළ - කොටුව , ජා - ඇළ - කොටුව , මාර්ග අංක 188 රද්දොළුගම - කොටුව සාමාන්‍ය සහ සුඛෝපභෝගී බස් රථ අද( 01) උදෑසන 07.00 සිට බස් රථ ධාවනයෙන් ඉවත් වී වර්ජනය කර ඇති බව ගම්පහ දිස්ත්‍රික් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ලැම්බට් මධුරගේ මහතා පැවසීය.
ගම්පහ අංක - 01 කාර්යාලයේ ධාවන කළමනාකරුගේ අත්තනෝමතික ක්‍රියා කළාපයට එරෙහිව මෙම වර්ජනය අරඹා තිබේ.
මෙම නිලධාරීවරයා ස්ථිර සහ අතුරු ගමන් වාර ලබා දීමට බස් රථ හිමියන්ගෙන් සහ බස් රථ සේවකයින්ගෙන් අල්ලස් ඉල්ලීම , දිස්ත්‍රික්කය තුළ ධාවනය සදහා බස් රථ අතිරික්තයක් පවතිද්දීත් , නව බස් රථ සදහා ටෙන්ඩර් කැදවා තිබීම , ගම්පහ දිස්ත්‍රික් වේලා සටහන්කරුවන්ගෙන් සහ මාර්ග පරීක්ෂකවරුන්ගෙන් අල්ලස් ඉල්ලීම යන සිදුවීම් වලට එරෙහිව මෙම බස් රථ වර්ජනය ආරම්භ කර තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd