(ටී.කේ.ජී. කපිල )
කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ කොරෝනා ආසාදිත සේවකයින් වාර්තා වන සීඝ්‍රතාවය අනුව ඉදිරි දින වලදී රෝගය පාලනය කිරීම සදහා මෙම කළාපය තුළ ඇති ඇගලුම් කර්මාන්තශාලා 2 ක් තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අමාත්‍යතුමියගේ අවධානයට යොමු කළ බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.
එසේම මෙම කොරෝනා වෛරසය කටුනායක ප්‍රදේශය පුරා පැතිර යාමට එම ප්‍රදේශයේ ඇති නේවාසිකාගාරවල ඇති සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණවත් නොවීමද එක් ප්‍රධාන හේතුවක් බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.
මෙම නේවාසිකාගාර තුළ නේවාසිකව 100 ක් 150 ක් පමණ සේවිකාවන් සිටියද, ඔවුන්ට සනීපාරක්ෂක කටයුතු සදහා වැසිකිළි ඇත්තේ 3 ක් හෝ 4 ක් වීම මෙයට නිදසුනක් බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසීය .
ඊට අමතරව මෙම ප්‍රදේශයේ කම්හල් වල සේවකයින් ස්ථිර සේවය සදහා බදවා නොගෙන, තාවකාලිකව දිනපතා වැටුප් ගෙවමින් 'මෑන් පවර්' ක්‍රමයට සේවකයින් සේවය සදහා යොදා ගැනීම ද මෙම වෛරසය මෙම ප්‍රදේශය පුරා පැතිර යාමට හේතු වී ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.
COMMENTS
මේ පාර ගිහින් ඉඹින්න මූණක් තියේවිද දන්නේ නැහැ.
පාලකයො අපේ බදු මුදලින් අපේ කතිරෙන් සුවිසල් මාලිගාවල සුර සැප විදිනකොට සාමාන්‍ය ජනතාව විඳින දුක දකින්න මේවගේ ව්‍යසනම එන්න ඕනේ විදේශ සේවා නියුක්ති කාර්යාලය ආයෝජන ප්‍රවර්ධන කලාප පාලකයින්ට වැජඹෙන්න ධන උල්පත්. 71වසරක් ගිහිල්ලත් පොඩි මිනිහා දවසින් දව අගාධයට පාලකයෝ දිව්‍යලෝකෙට අහෝ මගෙ රට මගේ ජාතිය දුප්පත් අහිංසක ජනතාව...
පළාත් අතර ගමනාගමනය හෝ සීමා කරන්න කටයුතු කළයුතුයි. නැත්නම් මේක කොහෙන් නවතියිද කියන්න බෑ.
රටේ ජීවනාලිය වගේ ඉන්න මේ අහිංසක දරුවන් කොච්චර දුක් වින්දත් සුර සැප විඳින පාලකයින්ට ගානක්වත් නෑ. ළමයි 100ට වැසිකිලි 3,4 කියන්නේ මොනතරම් දුකක්ද? මේ අහිංසකයින්ගේ දහඩියෙන් සැප විදින අයට හොඳක් නම් වෙන්නේ නැහැ.
නටන්න බැරි එකාට පොළව ඇදයි. වැඩබැරි එකාට අඩුපාඩු ගොඩයි. හැබැයි ව්‍යවස්ථාව වෙනස් කරන්නේ හොරකම් කරන්න බාධා ඉවත් කරන්න. ජනතාවගේ මානව හිමිකම් කඩකළාම නඩුදාන්න බැරිවෙන්න, නොහැකියාවට එරෙහි නැගිටීම මර්දනයට...
කටුනායක BOI වැඞ කරන අයට නිවාඩු දෙන්නේ නැතුව වැඩට ගෙන්නනවා. අසාධිතයින් දැන් වැඩිවෙනවා. තව ටික දවසකින් කටුනායක ප්‍රතිඵල බලාගන්න පුළුවන්.