
(ටී.කේ.ජී.කපිල )
කටුනායක, ඇවරිවත්ත, සුමිත්‍රාරාම විහාරථානයේ පැවති කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් මධ්‍යස්ථානයට අද ( 18) දහවල් බඹර ප්‍රහාරයක් එල්ල වී තිබේ .
ඒ වනවිට එන්නත් ලබා ගැනීම සදහා පෝලිම් 02ක, ප්‍රදේශවාසීන් 4,000ක් පමණ රැදී සිට ඇත. විහාරස්ථානයේ පවතින හිටි පිළිම වහන්සේගේ ආරක්ෂාව සදහා තනා ඇති , ආවරණ මන්දිරය තුළ මෙම බඹර වද දෙක බැද තිබූ බව පැමිණ සිටි පිරිස් කියති.
ඒ අසළ කුණු ගොඩවල් දෙකක් ගිනි තබා තිබූ අතර , එයින් පිටවන දුමාරය මෙන්ම එන්නත් ලබා ගැනීමට පැමිණි , ප්‍රදේශවාසීන්ගේ කටහඩ ද , මෙම බඹර වද ඇවිස්සීමට හේතු වන්නට ඇති බව , එන්නත් ලබා ගැනීමට පැමිණි පිරිස පැවසූහ . මෙම බඹර ප්‍රහාරය එල්ල වනවාත් සමගම , එන්නත් ලබා ගැනීමට පෝලිම් තුළ රැදී සිටි පිරිස සහ එන්නත් ලබා දෙමින් සිටි නිලධාරීන් පිරිස ද , තම ආරක්ෂාව පතා හිස් ලූ ලූ අත දිව ගොස් තිබුණි .
පසුව කටුනායක පොලීසියේ නිලධාරීන් , එම ස්ථානයට පැමිණ , තත්වය පාලනය කිරීමෙන් පසුව , යළිත් දහවල් 12.00 ට පමණ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කර තිබුණි . මෙහිදී බඹර ප්‍රහාරයට ලක් වූ කීප දෙනෙකු , වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කර තිබේ .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ බඹර කූඩු හදන්න පටන්ගන්නා විටම මේවා ඉවත් කරන්නට හැකියාව තිබුණා. බුදුසසුන බබලවන්න පිළිම වහන්සේ අභියස බඹරුන්ට වාසස්ථාන සාදන්න ඉඩදීම ඇත්තෙන්ම අනුවණකමක්... ඒ අනුවණකමේ ප්‍රතිඵලය අද අත්විඳීමට සිදුවුණා. මේ සතුන් මරන්නේ නැතිව පන්නා දමන ප්‍රායෝගික උපක්‍රම තියෙනවා. මගේ මිතුරෙකුගේ තේ වත්තේ, ලොකු බඹරයක් තිබුණා. කම්කරුවන් වැඩට එන්නත් බිය වුණා. ඔහු දන්නා වෙනත් කම්කරුවෙකු ඔහුට කියා තිබුණේ බඹරය යටින් කණ්ණාඩියක් තබන ලෙසයි. වැඩේ ඒ ලෙසම කෙරුණා. කල් නොගොස්ම බඹරුන් කූඩුව අතැර ගොස් තිබුණා. හේතුව කුමක්ද යන්න දන්නේ නැහැ. එම සතුන්ගේ කූඩුවට සැර අධික ආලෝකයක් වැටුනොත්,ඒ අය ඒ කූඩුවේ රැඳෙන්නේ නැහැ. මෙය පරීක්ෂා කරන්න සිතූ මා අනතුරුදායී තැනක ගසක තිබූ විශාල බඹරයකට දින 7 ක් පමණ මා සැර, අධික ආලෝකයක් සහිත විදුලි පන්දම් එළියක් ඇල්ලුවා. පුදුමේ කියන්නේ ටික කලකින් ඉතිරි වුණේ බඹරුන් නැති හිස්වදය පමණයි. මෙය අත්හදා බලන්න...
කොරෝනා පාලනයට අකුල් හෙලීම යටතේ නඩුදාන්න බැරිද? පරණ කොරෝනා පනත වෙනස් කරන්න වෙයි.