(පුෂ්පකුමාර මල්ලවආරච්චි) 

බාඳුරාගොඩ වත්තෙමුල්ල ප්‍රදේශයේ  ජනතාව කපාකොටා දමමින් භීතියට පත් කළ අල්කයිඩා පවුලේ ප්‍රබල සාමාජිකයෙකු අද 22 දහවල් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

 මෙම සැකකරු කොටදෙනියාව පොලීසිය විසින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

 එම සැකකරු  පසුගියදා කුඩා දියණියන් දෙදෙනෙකු දෙදෙනකු කපාකොටා මරා දැමීමට සූදානම්වූ අවස්ථාවේ ඔවුන් බේරා ගැනීම ට   ඉදිරිපත් වූ වැඩිහිටි යුවලක කපා කොටා දැමූ මෙම පවුලේ වැඩිමහල් පුතකු බව පොලීසිය සඳහන් කරයි.

සැකකරුවන්ගේ මවගෙන්ද දෙදිනක් තිස්සේ පොලිසිය දිගින් දිගටම කළ ප්‍රශ්න කිරීම් වල ප්‍රතිඵලයක් ලෙස සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි හැකිවී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

සැකකරුවන් සම්බන්ධයෙන් ලබා ගත් දුරකථන විශ්ලේෂණ වාර්තා ඔස්සේ පරීක්ෂණ පවත්වා සෙසු සැකකරුවන්ද අත්අඩංගුවට ංගැනීමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කරයි.

මෙම මැර පවුලේ ක්‍රියාවන් නිසා පීඩාවට පත්වූ ජනතාව ඊයේ සවස ප්‍රකාශ කළේ මෙම සැකකරු අත්අඩංගුවට  ගත් බවට සැලවීමත් සමග කිසියම් අස්වැසිල්ලක් ලැබීී ඇති බවයි.  සෙසු සැකකරුවන්ද අත්අඩංගුවට ගෙන තමන්ට නිදහසේ ජීවත්වීමේ හැකි වටපිටාවක් උදා කර දෙන ලෙසට  පොලීසියෙන් ඉල්ලන බව ඔවුහු සඳහන් කළහ.

මෙම සැකකරුවන්ගේ ප්‍රහාරය ලක්වූ ලක් වූ අඹුසැමි යුවළ මේ වන විටත් තවදුරටත් බරපතළ තත්ත්වය යුතුව වතුපිටිවල සහ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.

මීගමුව සහකාර පොලිස් අධිකාරී පාලිත අමරතුංග මහතා ගේ මෙහෙයුම යටතේ කොටදෙණියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී එන්  පුෂ්පකුමාර මහතා සහ අපරාධ විමර්ශන අංශයේ  ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ලියනගේ මහතා ඇතුළු නිලධාරීහු මේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වීමේදී සිටිති .