
(රෝෂන් තුෂාර)
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මියට මුහුණු පොත ඔස්සේ අපහාස කළේ යැයි කියන කළුතර, මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර රම්මුණි සැකකරුගේ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයාට යොමු කර විශ්ලේෂණ වාර්තාවක් කැඳවන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද(30) නියෝග කළාය.
අත්අඩංගුවට ගත් දුරකථනය අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.
දුරකථනයේ වූ සිම්පත් දෙක සැකකරුට ලබා දෙන්නැයි සැකකරු වෙනුවෙන් කළ ඉල්ලීම ඉවත දැමූ මහේස්ත්‍රාත්වරිය විමර්ශන ප්‍රගතිය ජූලි මස 17වෙනි දින අධිකරණයට ඉදිරිපත් කරනන ලෙසට පොලිසියට නියෝග කළාය.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
870
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2506
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කොට්ටහච්චිට අපහාස කළැයි ප්‍රා:මන්ත්‍රීගේ දුරකතන වාර්තා ඉල්ලයි
රම්බොඩ Thursday, 30 January 2025 02:47 PM
මේ උගණ්ඩා කුමාරි නේද? කොහොමද කිව්ව කෙප්පේ?
Mindula Thursday, 30 January 2025 02:55 PM
කොට්ටහච්චි මැතිණියට ලොකුම අපහාසේ කරේ එතුමියම තමයි. අවබෝධයෙන් බොරු කිව්වා කියලා එකපාරක් හෑවා. ඊට පස්සේ ජෙප්පෝ ටික බැහැලා කුණු අතුල්ලලා හෝදලා ගොඩින් තිබ්බා විතරයි. බොරු කීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් කියලා ආපහු හෑවා...
යෝගා Thursday, 30 January 2025 05:05 PM
කරන තරමක්, වේදිකා උඩ නැගගෙන, අනුන්ට අපහාස කරලා තමුන් ගැන කවුරු හරි යමක් කිව්වාම ඒ මනුස්සයාට විරුද්ධව නඩු දානවා. මුළු රටටම පිළිකුල් වෙච්චි කෙනෙක්...
PATTA hora Thursday, 30 January 2025 07:29 PM
මේ මොන විකාරයක්ද? ඒ මනුස්සයා පිළිගත්තා අපහාස කළා කියලා. දැන් තියෙන්නේ දඬුවම් කරන එක. තව මීට වඩා වැදගත් නඩු තියෙනවා විසඳන්න. කොහොමත් ඔය ගෑනි නිල් බලකායේ නාමල් ගේ ඔඩොක්කුවේ හිටපු කෙනෙක්.
Neel Thursday, 30 January 2025 08:08 PM
ආ... හරියට අපේ රටේ ජනතාව මීට පෙර දේශපාලකයින්ගේ බොරු අහලම නෑනේ නේද? කාටද මේවා කියන්නේ...?
Asanga Sunday, 02 February 2025 10:36 AM
කට පලල් කරලා බොරු කියපු ඒවට නඩු දාන්න ඕනෑ. මානසික ලෙඩෙක් කීවා නේද?