(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොට්ටාව නගරයේ පෞද්ගලික රසායනාගාරයක් තුළ දී සිදුකළ වෙඩි තැබීම වෙඩික්කරුවන්ගේ වැරදි ඉලක්කයක් බවට මේ වනවිට අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
එම වෙඩි ප්‍රහාරයෙන් මිය ගොස් තිබුණේ මත්තෙගොඩ නාමල් උයන පදිංචිව සිටි රසායනාගාර සේවකයෙකු වු මිහිරාන් පත්මසිරි 33නමැත්තෙකි.
කුත් මැයි 15 වැනිදා බොරැල්ල සිරිසර උයන නිවාස සංකීර්ණයේ දී පුද්ගලයකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට පළිගැනීමක් ලෙස ඝාතනය කළ පුද්ගලයාගේ සහෝදරයකු යැයි සිතා මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම පුද්ගලයාට රසායනාගාරයේ සේවය කරන අතර වෙඩි වැදි මියගිය පුද්ගලයා සහ බොරැල්ල ඝාතකයාගේ සහෝදරයා ද එක සමාන හැඩරුවෙන් යුක්ත වුවන් බවට පොලිසිය කියයි.
බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනී මරුවන්ට ඇප නොදී නඩු අසා මරණ දඬුවම දෙන්න ඕනේ.මේකට විශේෂ අධිකරණයක් ස්ථාපිත කරන්න ඕන .නැතිනම් මේ රට හදන්න බැහැ .මිනිස්සු කිසිම බියක් සැකක් නොමැතිව මහ දවාලේ කුලියට මිනී මරනවා.ඉලක්කයට සමාන සියලුදෙනාගේම ජීවිත අවධානමේ
පොලිසිය තමන්ගේ රාජකාරිය හරියට නොකිරීමේ ප්‍රතිඵල. තුවක්කු දැන් හැමතැනම. මහදවල් වෙඩිතියල අහුවෙන්නේ නැතිවම යනවා. පොලිසියේ මහත්තුරු මහජනතාවගේ ආරක්ෂාව පැත්තක තියලා තනතුරු පස්සේ දුවනවා. මාර්ග භාධක වලදිවත් වැරදිලාවත් ඕවා අහුවෙන්නේ නැත්තේ ඇයි.