( බී.ජී. චතුරංග )
අනුරාධපුර කටුකැලියාව ගල්පොත්තේගම ප්‍රදේශයේ, යෝජිත රක්ෂිතයක් වන කටුගම්පලයාගම රක්ෂිතයේ තිබූ විශාල ප්‍රමාණයේ ගස් කපා දමමින් මොරගොල්ලාගම වැව් රක්ෂිතයට ඇතුළු වෙමින් සිටි සැකකරුවන් දෙදෙනකු, බැකෝ යන්ත්‍රයක්, ට්‍රැක්ටරයක් සහ කපා දමා තිබූ විශාල ප්‍රමාණයේ ගස් සහ කදන් තොගයක් සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර අඩවි වන නිලධාරී කාර්යාලය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 42 වියේ පසුවන අනුරාධපුර ගල්පොත්තේගම සහ ගල්පාලම ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනෙකි.
මෙම වැටලීම සිදු කරන අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනා විසින් කපා දමන ලද විශාල ප්‍රමාණයේ ගස්, බැකෝ යන්ත්‍රය ආධාරයෙන් ට්‍රැක්ටරයට පටවමින් සිටි බවත් තවත් ගස් කැපීමට නියමිතව සිට ඇති බවත් ක්ෂේත්‍ර සහකාර වරයෙකු සඳහන් කළේය.
වැටලීම සිදු කරන අවස්ථාවේදී සැකකරුවන් සන්තකයේ තිබී දැව කඳන් පහළොවක්, වට අඩි 10ත් 15ත් අතර ප්‍රමාණයේ විශාල ගස් නවයක් සොයා ගත් බවත්, එම දැව කඳන් සහ විශාල ප්‍රමාණයේ ගස් දැව සංස්ථාවට භාර දීමට කටයුතු කල බවද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කලේය.
පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද පත්‍රිකාවේ දේශපාලන පක්‍ෂය හෝ ස්වාධීන කණ්ඩායමේ නම් ඉදිරියෙන් මුද්‍රණය කර ඇති සලකුණ ඉදිරියේ තිබෙන හිස් කොටුවේ කතිර සළකුණ ල
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ අග්නිදිග ආසියාවේ විශාලතම බෞද්ධ විහාරස්ථාන වලින් එකක් වන බායි ඩිං (Bai Dinh)
කළුතර මහ නගර සභා අපේක්ෂක බන්දුල ප්‍රසන්න මහතාට නාඳුනන පුද්ගලයකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කළ බව කළුතර දකුණ පොලිසිය පවසයි.
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ හනෝයිහි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ (CPV) මධ්‍යම කාරක සභා මූලස
අවුරුදු දාහතරයි මාස හයක් වයසැති දැරියක් ස්ත්‍රී දූෂණයට ලක් කිරීමේ චෝදනාවක් මත මෙවර පස්සර ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයකු සැකපිට අත් අඩගුවට ගත්
නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හෙට (මැයි 5) සහ අනිද්දා ( 6 ) යන දෙදින සාමාන්‍ය රාජකාරී සඳහා වසා තැබීමට ත
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කටුකැලියාවේ රක්ෂිතයක් වැනසූ දෙදෙනකු අල්ලයි
sam Wednesday, 25 December 2024 05:57 AM
මේ වන විනාශයට තියන දඬුවම් මදි නිසා මේ හොරු බය නැතිව වන විනාශ කරනවා.
රුවන් Wednesday, 25 December 2024 06:42 AM
අලි ගම් වදින්නේ මේ අපරාධ හින්දා තමයි...