IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කාටුකුලියන්කුලම දෙපිරිසක් ගැටී අයෙක් මරුට

(දයාරත්න ඇඹෝගම)

කාටුකුලියන්කුලම ප්‍රදේශයේ නිවසකදි දෙපිරිසක් අතර ඇති වු ගැටුමක් දුරදිග ගොස් පුද්ගලයෙකු මිය ගොස් තවත් පුද්ගලයන් තිදෙනෙකු බරපතල තුවාල ලබා අද (02) දින රොහල් ගත කළ බව පරසන්ගස්වැව පොලිසිය කියයි.

මෙම ගැටුමෙන් මිය ගොස් ඇත්තේ තානයම්කුලම,අනුරාධපුර යන ලිපිනයේ පදිංචිව සිටි එච්.එම.ලොක්කා හෙවත් හේරත් මුදියන්සේලාගේ සුමේධ හේරත් නැමති (37) හැවිරිදි අයෙකි.

පුද්ගලික ආරාවුලක් මුල්කර ගනිමින් ඇතිවු බහින් බස් විමක් මුල්කර ගනිමින් ප්‍රදේශයේ පුද්ගලයන් දෙපාර්ශයක් විසින් පොලු මුගුරු හා තියුණු ආයුධයක් භාවිතා කරමින් පහර දිම හේතුවෙන් මෙම 37 හැවිරිදි පුද්ගලයා මිය ගොස් ඇති බව පොලිසිය කියයි.

මාන්කඩවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35ත් 37 අතර වියේ පසුවන පුද්ගලයන් තිදෙනෙකුද මෙම සිද්ධියෙන් බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරැවන් දෙනෙකු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔවුන් අතඅඩංගුවට ගැනිම සදහා පොලිසිය විසින් විමර්ශණ කටයුතු ආරම්භ කොට තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරසන්ගස්වැව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එම්.අන්වර්දීන් මහතා ඇතුළු පොලිස් නිලධාරිහු පිරිසක් වැඩිදුර පරික්ෂණ පවත්වති.



අදහස් (0)

කාටුකුලියන්කුලම දෙපිරිසක් ගැටී අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site