
(ටී.කේ.ජී.කපිල )
රුපියල් හත් කෝටි තුන් ලක්ෂ හැට හතර දහසක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් , සිය ගමන් මල්ලේ , සහල් ඇසුරුමක් තුළ සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට වී යාමට තැත් කළ ගුවන් මගියෙකු සහ ඔහු රැගෙන යාමට ගුවන් තොටුපොළ වෙත පැමිණි තවත් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු ගොතටුව ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි කුකුළු ගොවිපළක් පවත්වා ගෙන යමින් සිටින ව්‍යාපාරිකයෙකි .
ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලක් තුළ , සහල් ඇසුරුමක බහා , සගවා ගෙන , කිලෝ ග්‍රෑම් 05 යි ග්‍රෑම් 026 ක් බරැති මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගෙනැවිත් තිබුණි .
මොහු ගුවන් තොටුපොළේ සිට වහාම රැගෙන යාම සදහා වෑබොඩ ප්‍රදේශයේ 36 හැවිරිදි ටැක්සි රථ රියැදුරුවරයෙකු සහ ඔහුගේ සහායිකාව ලෙස 33 හැවිරිදි පානදුර , වාද්දුව ප්‍රදේශයේ පදිංචි තරුණියක ද , කාර් රථයකින් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී , පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .
2025 දෙසැම්බර් මස 30
13
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කෝටි හතක ‘අයිස්‘ ගුවන්තොටින් පන්නන්න බැරිවෙයි
nimal Sunday, 27 October 2024 11:38 AM
කරුණාකර නම් සහ ආගම හෝ අවම වශයෙන් නම් හෙළි කරන්න. එතකොට අපි හැමෝම දන්නවා මත්දව්‍ය ව්‍යාපාර පිටුපස ඉන්නේ මොන වගේ මිනිස්සුද කියලා