(නිමන්ති රණසිංහ)
එල්. ටී. ටී. ඊ. සංවිධානය නැවත ස්ථාපිත කිරීම සඳහා එය ප්‍රවර්ධනය කරමින් කටයුතු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත භාරයේ සිටින සැකකරුවන් 26 දෙනකුගේ අත් අකුරු පරීක්ෂාකර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා රජයේ අත්අකුරු පරීක්ෂකවරයාට අද (25) නියෝගයක් නිකුත් කළේය.
මෙම සැකකරුවන් කොටි සංවිධානයට ඇතුළත් වීම සදහා ඇයැදුම්පත්‍ර පුරවා ඇති අතර ඒවා තම කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු ඉකුත් 2020 වසරේ මාර්තු මස 26 වැනිදා ඔවුන් අත්අඩංගුවට ගත් බවත ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.
සිද්ධියට අදාළ විමර්ශන උදෘත නිතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර, මෙම සැකකරුවන් නිතිපතිවරයාගේ උපදෙස් ලැබන තුරු රක්ෂිත භාරයේ තබා ඇති බවද ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු සදහන් කළේය.
මෙම සැකකරුවන් 26 දෙනා යාපනය ප්‍රදේශයේ ජීවත් වූ තරුණයින් බවත්, එල් ටී ටී ඊ සංවිධානය නැවත ප්‍රතිසංවිධානය කිරීම සදහා ප්‍රචාරක කටයුතු කරමින් සිටි බවත් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ජාතිවාදී කතන්දර අපි තවදුරටත් විශ්වාස කරන්නේ නැහැ. ආණ්ඩුව වැටිලා, පස්ස බිම ඇනිලා හොම්බෙන් යනකොට ඔය වගේ කතන්දර කියන්න කියලා පොලිසියේ ඉන්න බත්බැලයින්ට ඉහළින් නියෝග එනවා.