(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් කෝටි ලක්ෂයක බදු එකතු කර නැතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී අද (15) පැවසීය.
බදු ආදායමෙන් එකතු වන්නේ සියයට 50 ක් පමණක් බවද ඔහු සඳහන් කළේය.
රණවක මහතා මෙසේ පැවසුවේ අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේදීය.
පාඨලී චම්පික රණවක මහතා මෙසේද පැවසීය.
දැනට බදු ට්‍රිලියනයක් එකතු කරල නැහැ. ඒ බදු නිවැරදි කර ගන්නැතුව බදු වැඩි කිරීමෙන් මහජනයා සමාජමය වශයෙන් පිපිරීමකට යනවා. ආර්ථිකය සංකෝචනය වෙනවා. මාර්ග ඉදිකිරීම් මේ රටට දරාගන්න බෑ. ණය වශයෙන් ඩොලර් මිලියන එක්දහස් හයසිය පනහක් බලාපොරොත්තු වෙනවා. මේවා ලැබෙන්න නම් මූල්‍ය අරමුදල ලේඛනය සම්පූර්ණ කරන්න වෙනවා. සැප්තැම්බර් ණය වාරිකය අපිට ලැබුණේ නෑ. රජය මුලින් කළ යුත්තේ විදේශ ණය ප්‍රතිව්‍යුගත කිරීමයි. මේ ඉලක්කම් මෙතන දැම්මට මේවා යථාර්ථවාදී නෑ. ජනතාව අද ජීවත් ජීවත් වන්නේ අපහසුවෙන්. දේපළ උකස් කරලා ජීවත් වෙන්නේ. වෘත්තීයවේදී ප්‍රාග්ධනය රටින් පලා යනවා. විශ්ව විද්‍යාල හදනවා කියනවා.ඒත් ආචාර්යවරුන් වෛද්‍යවරුන් රට යනවා. මානව ප්‍රාග්ධනය ප්‍රාග්ධනය නැතිවෙලා. මානව කාන්තාරයක් බවට පත්වෙනවා. මේවා හදන්නේ නැතුව පටු දේශපාලන කතා පවත්වනවා. රට ගොඩ ගන්නා විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍යයි. ඒ වැඩපිළිවෙල මහා පොළොවේ ක්‍රියාත්මක කළ යුතුයි. එසේ නොකළහොත් ඉදිරියේදී තව අරගල මතු වෙන්න නියමිතයි. මේවා පාලනය නොකළොත් ඊළඟ අවුරුද්දේ පළමු වැනි මාසෙ ඇතුළත සාමාන්‍ය ජනතාවට ජීවත් වෙන්න බැරි අසහනකාරී තත්ත්වයක් ඇතිවෙනවා. සමාජමය පිපිරීමක් ඇතිවීම වළක්වන්න බැහැ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රට අද මේ තත්වේ තියෙන්නේ රනිල්ලාගේ, මහින්දලාගේ රාජ්‍ය පාලනයේ තියන නොහැකියාව නිසා... මෙයාලා හැමදාම කරේ රටේ නියම ප්‍රශ්න මගඇරලා බොරු තාවකාලික පැච් දාලා ඒවා වහගෙන තමන්ගේ පාලන කාලේ ඇදගෙන ගියපු එකයි..!
ජනතාව අතර පිළිගැනීමක් තියෙනවා ලොකු මාලු කන්න එපා හාල් මැස්සො සාලයො හුරුල්ලො වගේ කටු සහිත කුඩා වර්ගවල මාලු ගොඩක් ගුණයි ඒවා කන්න කියලා ඉතින් ධීවරයො වැඩියෙන් කටු සහිත මාලු තමයි වැඩියෙන් අල්ලන්නේ ජනතාව පෝෂණය කරන්න කියලා තේරුම් ගන්න බැරිද
මේ දෙපාර්තමේන්තු වල මහ පුටු අල්ලාගෙන ඉන්න දේශපාලුවන්ට නැමෙන නාකි අලුතින් වැඩක් කරන්න පුළුවන් පිරිසක් පත් කර ගත යුතුයි