
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
රජයේ අනුමත ප්‍රසිද්ධ රටබීම නිෂ්පාදන ආයතනයක නාමය භාවිතා කරමින් ව්‍යාජ අයුරින් විකිණීම සඳහා සූදානම් කර තිබූ වර්ණ ගන්වන ලද රුපියල් කෝටි පහකට පමණ ආසන්න වටිනාකමකින් යුත් හොර මධ්‍යසාර ස්ප්‍රීතු සමඟ සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන් පවසයි.
අත්අඩංගුවට ගත් දේපල අතර හොරට වර්ණ ගන්වා අනුමත රටබීම අයුරින් සකස් කරන ලද රට බීම මිලි ලීටර් 180 ඇතුළත් කාලේ බෝතල් 5000ක් සහ බෝතල් කිරීම සඳහා සකස් කර තිබූ මධ්‍යසාර ස්ප්‍රීතූ ලීටර් 266ක් එතනෝල් ලීටර් 110ක්, බෝතල්වල මූඩි සීල් කිරීම සඳහා යොදාගනු ලබන යන්ත්‍රයක්, මධ්‍යසාර බෝතල් බහලුම් වශයෙන් යොදාගනු ලබන මුද්‍රණය කළ කාඩ්බෝඩ් පෙට්ටි විශාල තොගයක් ඇතුළු පෙරීම සඳහා උපයෝගී කරගන්නා උපකරණ රැසක් වන බව පවසයි.
කිරිබත්ගොඩ, මායා මාවතේ පිහිටි නිවසක් තුළ දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය හොර ඉස්කාගාරය වැටලීමේදී බෝතල් සකස් කරමින් සිටි හා විවිධ අයුරින් සේවා ලබාදෙමින් එම නිවස තුළ රැඳී සිටි දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වන වයස අවුරුදු 25ත් 37ත් යන වයස් කාණ්ඩවල පසුවන සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
2025 නොවැම්බර් මස 17
33
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2509
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කෝටි පහක හොර අරක්කු සමඟ 6ක් දැලේ
බකල ජයා aka පගා පප්පා Sunday, 26 January 2025 07:30 PM
දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන ගියාලු, දැන්ලු අහුවුනේ. පොලීසිය තමයි කියන්නේ, අපි අහනවා. පොලිසිය මෙච්චර කාලයක් දැනගෙන හිටියේ නෑලු. ආං. තව එකක්, පොලිසිය මෙච්චර කාලයක් දැනගෙන හිටියේ නෑලු...