
(සමිපත් ප්‍රියනන්දන)
රුපියල් කෝටි ගණනක් වියදම් කර පසුගිය රජය මගින් නිසි ප්‍රමිතියකින් තොරව ඉදිකර ඇති බලංගොඩ මද්දෙගම - පිඬලිගන්නාවෙල මාර්ගයේ කොටසක් අධික වර්ෂාවත් සමග කැඩි යෑම හේතුවෙන් එම මාර්ගයේ මගී ප්‍රවාහන බස් රථ ඇතුළු වාහන ගමනාගමන නතර වී ඇති බව ගම්වැසියෝ පවසති.
ප්‍රදේශවාසීන් චෝදනා කර සිටින්නේ රුපියල් කෝටි පහක මුදලක් වැයකර ඉදිකල මාර්ගයේ මාස හයක් යැමට පෙර වාහන ගමනාගමන නතර වු බවයි.
ඇළ මාර්ගයක් හරහා බෝක්කුවක් ඉදි නොකරන කාපටි දැමිමත් නතර කර එම ස්ථානයට ප්‍රමිතියකින් තොරව කොන්ක්‍රීට් දැමිම හේතුවෙන් වර්ෂාවත් සමඟ අඩි සියයක් දුරට කොන්ක්‍රීට් කොටස ගැලවි ගොස් තිබෙන බවට ජනතාව පෙන්වා දෙති.
මේ හේතුවෙන් බලංගොඩ පිඬලිගන්නාවෙල ,සහ බලංගොඩ මද්දෙගම බස් රථ ධාවන නතර විමත් සමග පාසල් දරුවන් විශාල ප්‍රමාණයක් සහ ජනතාව ප්‍රවාහනය දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින බව ජනතාව පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්ත්‍රාත් ගත්තු කෙනාටම කියලා ගාස්තුවක් නැතුව නැවත හදාගන්න..., වැඩක් කෙරුවොත් වොරන්ටියක් දෙන්න නීති ගේන්න ඕනෑ.
වර්තමාන රජයේ ඉදිකිරීම් කිසිවක් තවමත් ආරම්භ කලේ නැහැ සාමාන්‍යයෙන් ලංකාවේ මාර්ග සැලසුමක් හදද්දී ප්‍රදේශයේ මන්ත්‍රී හෝ ඇමැතිවරයා කිව්වොත් අහවල් පාර කොන්ක්‍රීට් කරන්න අවශ්‍යයි. ඇස්තමේන්තු හදන්න කියලා සැලසුම් ශිල්පියාගේ හෝ ඉංජිනේරුතුමා කරන්නේ... දිග, පළල මැනලා ගාස්තුවට ඔවුන්ගේ ගතමනාව එකතුකර ඉදිරිපත්කිරීම පමණයිනේ මාර්ගයට කාණුවක් අවශ්‍ය බව හෝ බෝක්කු අවශ්‍ය බව සලකා බලන්නේම නැහැ. මම බොරු නම් ගම්බදව තියෙන මාර්ග බලන්න පුළුවන් මාර්ගවලට කාණු හා බෝක්කු පාලම් නැතිවුණාම ඔහොම වෙනවා සැළසුමක් හදන්නේ මිනිස්සු වුණත් වර්තමානයේ ඉන්නේ රොබෝලා වගේ කල්පනා ශක්තියක් නැති නිලධාරිලා තමයි හොඳම උදාහරණයක් ලෙසට ඇහැලියගොඩ සිට දෙහිඕවිට මාර්ගයේ තියෙන වැඩිහිටි නිවාසය අසල පාලම පෙන්වන්න පුළුවන්. ඒ මාර්ගය සංවර්ධනය කර තිබුණත් පාලම සංවර්ධනය නොකළ නිසා මාර්ගයෙන් වියදමට සරිලන ප්‍රයෝජනයක් ගන්න බැහැ...
නාකි හැත්තන්ගේ හැකියාව කොහොමද?