IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කෝටි නවයක උදලු අලවංගු දිරන්න ඇරලා

(සුජිත් හේවාජුලිගේ )

කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය රුපියල් නව කෝටියකට වැඩි වටිනා උදලු, අලවංගු, වතුර මෝටර්, දියර ඉසින යන්ත්‍ර  යනාදී  කෘෂි උපකරණ 13,650ක් අවශ්‍යතාවයට වැඩියෙන් මිලදී ගැනීම නිසා ඒවා ප්‍රධාන කාර්යාලයේ සහ ප්‍රාදේශීය කාර්යාලවල කිසිදු වැඩකට යොදා නොගෙන (2020 තෙක්) ගබඩා කර තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වෙයි.

මෙම උපකරණ බෙදා හැරීමට නිශ්චිත ක්‍රම වේදයක්ද ඒ ආයතනය සතුව නොපැවතුණු බව එම වාර්තාවේ  දැක්වේ.

කුඩා තේ ඉඩම් වල නිවැරදි කෘෂිකාර්මික කටයුතුවලට අවශ්‍ය කෘෂි උපකරණ කුඩා තේ වතු හිමියන්ට බෙදාදීම සඳහා 2018  අයවැය යෝජනා අනුව රුපියල් කෝටි විසි පහකට වැඩි මුදලක් ලබාදීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබුණු අතර මෙම උපකරණ ලබා ගෙන ඇත්තේ එම මුදල්වලින් යැයි විගණන නිලධාරීහු පෙන්වා දෙති.

මේ අතර කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය   බිම් සැකසීම සඳහා 2012 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා  හෙක්ටයාර්  7077 කට සහනාධාර මුදල් ගෙවා තිබුණද නැවත වගාව  කර ඇත්තේ   හෙක්ටයාර්  5244ක පමණක්  බව විගණන වාර්තාවේ සඳහන් වේ.

එසේම තේ කම්හල් හතරකට වර්ණ විභේදන යන්ත්‍ර ලබා ගැනීම සඳහා  ලබාදී තිබූ  හැට ලක්ෂයකට ආසන්න වටිනා ණය මුදලක් 2020 වර්ෂය තෙක්ම  අය  කරගෙන නොතිබූ බව විගණන කාර්යාලය වැඩිදුරටත් පවසයි.



අදහස් (3)

කෝටි නවයක උදලු අලවංගු දිරන්න ඇරලා

Perera Wednesday, 21 December 2022 07:10 PM

රජයේ දේපළක් වුණාම ඒවාට අයිතිකාරයෙක් නෑ... රජයේ දේපළ නැතිනාස්ති වෙන්නේ ඒ නිසා...

:       2       11

Asela Thursday, 22 December 2022 12:13 AM

මෙවැනි පුවත් පලකිරීම ගැන බෙහෙවින්ම ස්තුතියි.

:       0       2

Lalla Thursday, 22 December 2022 09:04 AM

රාජ්‍ය නිලධාරීන් ව්‍යාපෘතිවලට හරිම කැමැතියි. ක්ෂේත්‍රය සම්බන්ධ නඩත්තු වැඩවලට කැමැති නැහැ.. ඒකයි ප්‍රශ්නය. දෙයක් කඩාවැටීමට ඉඩදී ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම තමයි කැමැතිම...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 104 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site