(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කිලෝමීටරයක් රුපියල් 300ක පිරිවැයකින් ධාවනය කරන රාජ්‍ය ආයතන වාහනයක් රුපියල් සීයක පිරිවැයකින් ධාවනය කළ හැකි බව බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාවේදී තොරතුරු අනාවරණය විය.
මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් සකස් කරන ලද පර්යේෂණ පත්‍රිකාවක මේ බව සඳහන් වන්නේ යැයි එම කාරක සභාව පවසයි.
බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 20 වැනිදා රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.
රාජ්‍ය අංශය සතුව වාහන අසූ දෙදාහක් පමණ පවතින බවත් ඉන් ධාවන තත්වයේ පවතින්නේ වාහන හැත්තෑ හයදාහක් පමණක් බවත් කාරක සභාවේදී හෙළිවිය. මේ අනුව ධාවන තත්වයේ නොපවතින වාහන සංඛ්‍යාව 5500කි.
ධාවන තත්වයේ පවතිනවාහනයක් කිලෝ මීටරයක් ධාවනය කිරීම සඳහා යන වියදම ආසන්න වශයෙන් රුපියල් 300ක් 500ක් අතර වන බවත් මෙම පර්යේෂණ වාර්තාව අනුව පෙනී යන බවද
කාරක සභාව සඳහන් කරයි.
රාජ්‍ය ආයතන වලට අවශ්‍ය වාහන කුලී හෝ බදු පදනම යටතේ පෞද්ගලික අංශයෙන් ගන්නේනම් රුපියල් සීයක් හෝ ඊට වඩා අඩු මුදලකින් කිලෝමීටරයක් ධාවනය කිරීමට හැකි බව එහිදී තොරතුරු අනාවරණය විය. මේ අනුව ක්‍රමානුකූලව රාජ්‍ය සතු වාහන ඉවත් කරමින් මෙම ක්‍රියාදාමය අනුගමනය කරන්නේ කරන්නේ නම් රුපියල් කෝටි 2000 ක් පමණ රාජ්‍ය ආදායම ඉතිරි කර ගත හැකි බව කාරක සභාව පෙන්වා දෙයි.
මෙම තොරතුරු සැලකිල්ලට ගනිමින් පර්යේෂණ පත්‍රිකාව පිළිබඳවද ගැඹුරින් අධ්‍යයනය කර පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා මන්ත්‍රී යදාමනී ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් අනුකාරක සභාවක් පත් කිරීමට කාරක සභාවේ සභාපතිවරයා නිර්දේශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ ආයතනයක අද කාලේ වාහනයක් ගන්නවා නම් රුපියල් කෝටියකට වඩා වැඩිවෙනවා මිල... මෙම මුදල ස්ථිර තැන්පතුවක දැම්මාම මාසෙකට රුපියල් ලක්ෂයක් විතර ලැබෙනවා. එම මුදලින් පුද්ගලික අංශයෙන් වාහන අරන් දුවන්න පුළුවන්.
රාජ්‍ය අංශයට රුපියල් 300 ක් වියදම් වෙන ගමනකට පෞද්ගලික අංශයට පුළුවන් නම් ලාබත් තියාගෙන රුපියල් සීයකින් යන්න, කරන්න ඕනෑ රාජ්‍ය අංශයේ ප්‍රවාහන කටයුතු පුද්ගලික අංශයට දෙන එක නොවෙයි, පෞද්ගලික අංශයට එසේ කිරීමට හැකි වෙන්නත් රාජ්‍ය අංශයට එසේ කිරීමට නොහැකි වෙන්නත් හේතුව හොයාගෙන අවශ්‍ය ප්‍රතිසංස්කරණය කර රාජ්‍ය ප්‍රවාහන අංශය ශක්තිමත් කිරීමයි. එසේ නොකර, මේ කරන්න හදන්නේ මුලින්ම අඩු මුදලකට කොන්ත්‍රාත් අරගෙන රාජ්‍ය ආයාතන සතු ප්‍රවාහන ඒකක නැත්තටම නැතිකරලා දාලා ඊට පස්සේ තමන්ට ඕන ඕන ගානට ගාස්තු වැඩි කරගෙන හිතුණු විදිහට ලාභ ලබන්න පුළුවන් තත්වයක් උදාකර ගන්නයි. එහෙම නැතුව රටට ජනතාවට ආදරය මිනිසුන් කවදාවත්ම මෙහෙම අමන, මුග්ධ යෝජනා ඉදිරිපත් කරන්නේ නැහැ. මේවා යෝජනා කරන ඔවුන්ගේ ව්‍යාපාරවලට කොන්ත්‍රාත් එකත් ලැබෙයි අන්තිමට...!
මෙ ගැටලුව වැඩියෙන්ම තියෙන්නේ හමුදාවල. හමුදා නිලධාරීන්ට දෙන වාහන වැඩිපුර පවිච්චි කරන්නේ ඒ අයගේ බිරින්දෑවරුන් සහ දරුවන් බලන්න ජනප්‍රිය පාසල් ළඟට ගිහින් වැඩිපුරම තියෙන්නෙ හමුදා වාහන. බ්‍රිගෙඩියර් තනතුරට වාහන 2,3 ලබෙනවා. එව ඇත්තටම පාවිච්චි වෙන්නේ පුද්ගලික වැඩවලට. මේවා දන්වත් වෙනස් වෙන්න ඕනෑ. ගොඩක් හමුදා නිලධාරින් තමන්ගේම වාහනේ දාලා සල්ලි ගන්නවා.
රටට ආදරේට නැතිනම් තමතමන්ගේ වාහන රිංගවන්න බලන් කරන දෙයක්ද?
එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මරාගන්න හදන්නේ. රජයේ වාහන ටික කුනුකොල්ලෙට විකුනල කොමිස් ගහල ඒ වාහන ටිකම බදු පදනමට අරගෙන එතනිනුත් ගානක් කපාගන්න පුලුවන්. රජයේ වාහන ටික එක සමාගමකට (රජයේ) අරගෙන ඒ සමාගම හරහා රජයේ ආයතන වලට කුලීපදනමට දෙන්න පුලුවන්නේ. එමගින් පරිපාලන සහ අනෙකුත් අනවශ්‍ය වියදම් ගොඩක් අඩුකරගන්න පුලුවන්.