IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


කෝටි දෙකක කුෂ් කටුනායකින් පන්නන්න බැරි වෙයි

(ටී.කේ.ජී.කපිල)

රුපියල් කෝටි දෙකක් පමණ වටිනා " කුෂ් " මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපාරිකයන් සදහා වූ " රක්ත මාවත " (Red Channel) ඔස්සේ පැමිණි ,  ව්‍යාපාරික  ගුවන් මගියෙකු සහ ඔහු රැගෙන යාමට පැමිණි පුද්ගලයෙකු ඊයේ (31) දින පස්වරුවේ ගුවන් තොටුපොළෙන් පිට වී යමින් සිටියදී , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොහු හංවැල්ල ප්‍රදේශයේ පදිංචි  නිතර නිතර ගුවන් ගමන් වල නිරත වෙමින් , කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ විදේශීය නිෂ්පාදිත භාණ්ඩ මෙරටට රැගෙන විත් අලෙවි කිරීමේ නිරත 36 හැවිරිදි  ව්‍යාපාරිකයෙකි .

ඔහු තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ දහවල්  11.15 ට පැමිණ තිබුණි .

ඉන්පසු ඔහු කටුනායක ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය වෙත ගොස් තවත් භාණ්ඩ තොගයක් ද මිළට ගෙන තිබේ .

ඇමෙරිකානු ඩොලර් 100 ට වැඩි වටිනාකමකින් යුතු භාණ්ඩ කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ රැගෙන එන ව්‍යාපාරිකයන් , ගුවන් තොටුපොළ රේගු පරිශ්‍රයේ පිහිටි '' රක්ත මාවත " ඔස්සේ පැමිණ , එහි සේවයේ නිරත රේගු නිලධාරීන් හමුවේ ප්‍රකාශ කළ යුතුය .

පසුව ඒ සියල්ල නිමා කළ  මොහු  ගුවන් තොටුපොළෙන් පිට වී යමින් සිටියදී , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ කිලෝ ග්‍රෑම් 02 ක බරකින් යුතු "කුෂ්" මත්ද්‍රව්‍ය තොගය සගවා ගෙන තිබූ අතර , මෙම ව්‍යාපාරිකයා ගුවන් තොටුපොළේ සිට රැගෙන යාම සදහා පැමිණ සිටි උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකු ද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

ඊට අමතරව ගුවන් තොටුපොළ "රක්ත මාවත" රේගු නිලධාරීවරයෙකු පිළිබඳ ද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සිදු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වේ. 



අදහස් (1)

කෝටි දෙකක කුෂ් කටුනායකින් පන්නන්න බැරි වෙයි

උපසිරි Sunday, 02 February 2025 11:27 AM

කුෂ් අල්ලපු එක හොඳයි ඉදිරිය දොෂ් සහිතයි. අපේ රටේ වද තිස්දෙකක් තිබුණාලු... ඒත් දැනට තියෙන්නේ මේ කුඩුවදය තමයි. ඉන්න පාලකයෝයි, නිලධාරි පැලැන්තියයි, කුඩුවලටයි, කුඩු ගේනවුන්ටයි පුදුම බයක් තියෙන්නේ. ඉතින් කොහොමද මේවා නතර කරන්නේ...? උසාවියට දැමීම බොරු වැඩක් අල්ලපු ගමන් දඬුවම් කරන්න ඕනෑ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site