
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සීදුව ලියනගේමුල්ල ප්‍රදේශයේ හෝටලයකදී මැණික් ව්‍යාපාරිකයන් දෙදෙනකුගෙන් රුපියල් කෝටි දෙකක මුදලක් කොල්ලකෑම සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් දෙදෙනකු ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අපරාධය සම්බන්ධයෙන් වාකරේ විශේෂ කාර්ය බළකා කඳවුරට අනුයුක්ත පොලිස් සැරයන්වරයකු , ගෝනහේන විශේෂ කාර්ය බළකා කඳවුරට අනුයුක්ත පොලිස් කොස්තාපල් රියදුරකු මහනුවර කෑගල්ල හා දියතලාව ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරුවන් සමග විශේෂ කාර්ය බළකා නිල ඇඳුම් කට්ටල දෙකක් , බූට් දෙකක් , බෙරස් දෙකක් , පැති රඳවනයක් ,අත්විලංගුවක් , වෑන් රථ දෙකක් , රුපියල් 5,129.000/= ක් පොලිස් භාරයට ගෙන ඇත.
සිදුව පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාශය නිලධාරීන් කණ්ඩායමක් ඒකාබද්ධ විමර්ශනයක් සිදු කිරීමෙන් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි රණවිරුවෝ...!
කොහොමද අපේ ආරක්ෂාව ?
ඔය සල්ලි ආරක්ෂාවට අරන් තියන්න තමා ගෙනියන්න ඇත්තේ